IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දැරියගේ පපුව අත ගෑ විදුහල්පති වසරක් හිර ගෙට

(උපාලි ආනන්ද)

විද්‍යා විෂයය උගන්වමින් සිටින අතරතුර 12 හැවිරිදි පාසල් සිසුවියකගේ පියයුරු ස්පර්ශ කිරීමෙන් එම සිසුවියට ලිංගික අතවරයක් සිදු කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි දැනට සක‍්‍රිය රාජකාරියේ නිතර විදුහල්පතිවර‍ෙකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම එය වසර පහකට අත්හිටුවීමට අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා  නියෝග කළේය.

ඊට අමතරව පැමිණිළිකාර වින්දිත බාල වයස්කාර පාසල් සිසුවියට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විත්තිකාර විදුහල්පතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ දඩුවම් නියම වූයේ  ගාමිණි සෝමරත්න නැමැත්තෙකුටය.

2016 වසරේ අගෝස්තු මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක  වයස අවුරුදු 12 ක පමණ දැරියකගේ පියයුරු ස්පර්ශ කිරීමෙන් ලිංගිත අතවරයක් සිදු කරමින් මෙම අපරාධමය වරද සිදු කර ඇති බවට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 345 වන වගන්තිය ප‍්‍රකාරව විත්තිකාර විදුහල්පතිවරයාට එරෙහිව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුෙවි නඩු පවරා තිබිණ .

 



අදහස් (3)

දැරියගේ පපුව අත ගෑ විදුහල්පති වසරක් හිර ගෙට

Bunny Preena Wednesday, 12 July 2023 10:41 AM

2016 වසර කාලයේ එතුමාගේ නෝනා ලැම පෙදෙස අතගාන්න දෙන්නේ නැතුව තහනම් කලාපයක් හැටියට ප්‍රකාශ කරලා තියෙන්න ඇති

:       3       24

Nimal Wednesday, 12 July 2023 12:31 PM

අවුරුදු 7ක් ගියාද තීන්දුව දෙන්න...? ඒ අතර කාලෙදි තව කී දෙනෙක්ට අතවර වෙන්න පුළුවන්ද?

:       1       23

Chami Thursday, 13 July 2023 01:00 AM

යකෝ, අපි අල්ලපුවා හැටියට බර ගාණක් ගෙවන්න වෙනවා නඩු දැම්මොත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site