(චාපා මධුභාෂිණී)
දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියකි.
මැය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර ඇත.
ඇය මෙම ඖෂධය ලබා දී ඇත්තේ විරේකයක් ලෙසිනි. පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් අද දින ජයන්තිපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ්වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දරුඵල ගන්න දේවාලයෙන් දුන් බෙහෙත් ගත් තරුණියක් මරුට
Perera Tuesday, 11 July 2023 12:37 AM
දේවාලේ බෙහෙත් බීලා අමාරු වුනාම තමයි රෝහල මතක් වෙන්නේ .එතකම් දේවාලේ හොඳයි .මෝඩ මිනිස්සු
ගමේ එකාලා Tuesday, 11 July 2023 12:42 AM
මිත්‍යා විස්වාස පස්සේ ගිහින් කරගත්තු විනාසයක්..
අබිලින් Tuesday, 11 July 2023 06:45 AM
අනේ මෙහෙමත් මෝඩයෝ ඕක වීඕජී දොස්තර කෙනෙකුට කිව්වා නම් මැරෙන්නෙ නැහැ .කොහොම වුනත් ලබා උපන් හැටියට තමයි බබා වැනෙන්නේ. ඕක සමහර විට සැමියාගේ දෝෂයක්ම වෙන්න පුළුවන් නැත්නම් දෙන්නගෙ දෝෂයක් වෙන්නත් පුළුවන්
Shantha - Qatar Tuesday, 11 July 2023 10:33 AM
මිත්‍යා මත පසුපස යන මෙ නූගත් මිනිසුන්ගෙ මානසිකත්වය හදන එක අදාල ප්‍රදේශයෙ පවුල් සෞක්‍යය සේවා තුමියගෙත් වගකීමක්.
කල්පනා Tuesday, 11 July 2023 12:42 PM
වයිද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුනත් මෝඩ කම නැතිවෙන්න බෙහෙත් හදන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි
බද්රානි Tuesday, 11 July 2023 01:27 PM
කරුමෙට මේ ලංකාවේ ඉපදිලා මදිවට, ලෝකෙට හිඟන්නෝ ජාතක කරලා පවුසිද්ද කරගන්නවාට වඩා හොඳයි දරුවෝ බිහි නොකරන එක. කපුවෙක්ගෙන් හරි බේතක් බීලා මැරෙන්න පුළුවන් නම්, නම් අපිවත් දැනුවත් කරන්න තිබුණානේ... නැත්නම් ඉතින්, ජීවිත කාලය පුරාම අපි කඹුරලා පාලකයින්ටයි, තක්කඩි පූජකයින්ටයි, ඔවුන්ට සම්බන්ධ හොර ව්‍යාපාරික හා මදාවි කල්ලියටයි සැපෙන් වැජඹෙන්න පව් ගෙවන එක හැර වෙන මොනවද කරන්න තියෙන්නේ...? පොඩ්ඩක් ඇස් දෙක ඇරලා ලෝකයේ අනෙක් රටවල් දවස බලාපල්ලා ඒ මිනිස්සු සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වෙන විදිහ...?
G.d.d Thursday, 13 July 2023 12:39 PM
හොඳ වැඩක් එත්, හොඳින්ම දන්නවානේද යටින් යන මාෆියාව හා පිටපස්සෙ ඉන්න රට පාලුව්න් ගැන. ඉස්ස ඉස්සෙල්ලාම ක්‍රමවෙදයක් හදන්න ඔන ඔය පාලුවන් ටික මර් දනය කරන්න. ඊට පස්සෙ වැඩේ සාර්තක වෙවි.