
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගනු ලබන ද්විපාර්ශ්වීය තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කිරීම සහ ජනතා බහුතර කැමැත්ත ඇතිව ඒවා ක්‍රියාවට නැංවීම අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා හමුවේ පැවසීය.
දෙරට අතර එකඟතාවන්ට එළඹ ගනු ලබන තීරණ පිළිබඳව ජනතාය නිවැරදිව දැනුවත් කළ යුතු අතර ඒවායේ වාසි අවාසි ද පැහැදිලි කර දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ ලේකම්වරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ පැවති අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා, ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ද පැවසීය.
13 වන ව්‍යවස්ථා සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතින බව කී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බව ද කීවේය.
ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට තමා එක්සත් ජාතීන්ගේ සංවිධාන රැස්වීමේදී දෙමළ ඩයස් පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට විවෘතව ආරාධනා කළ බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තීන්දු තීරණ ගන්නේ පවුල් පාලනේ උදවියට ඕනේ විදියට .
කියනකොට එහෙමයි කොරනකොට මෙහෙමයි කැබිනට් එකටත් හොරෙන් අත්සන් කරනවා. ජනතාව ඉන්නවද කියල ගානක් නෑ.
ඒවා එහෙම උනාට හාල් මිල නම් තීරණය කරන්නේ ඩඩ්ලි
මේ කියන්නේ ඉන්දියාවේ ජනතාවගේ කැමැත්ත ගැන වෙන්න ඇති නේ
අනේ මෙයාගෙ බොරු කතා, මෙයා ගන්න ජනතාවගෙ කැමැත්ත, මෙයා කරන වැඩ යමහර වෙලාවට පාර්ලිමේන්තුව දන්නෙත්නෑ. එක රටක් එක නීතියක් කිව්ව කෙනා නේ.
නියමයි අදහස. එහෙනම් 13 වෙනි සංශෝධනය නැවත ජනතාවගේ කැමැත්ත අරගෙන ක්‍රීයාත්මක කරන්න
විපරමා වගේ ගොබ්බයින්ට ගොබ්බ කතා කියලා හැංගෙන්න දෙන්න එපා අපිට් උත්තර දෙන්න ඉඩ තියන්න.
අපි නං දැක්ක විදියට හොඳටම අහ ගත්තා . මීක් ගාන්නේ වත් නැතුව නේද හිටියේ .
බයවෙන්න එපා .මේ කියා තියෙන්නේ ඒගොල්ලොන්ගේම කැමැත්ත අනුව වැඩකරනවා කියලා .ඒගොල්ලෝ ජනතා නියෝජිතයෝ කියනවනේ නේද ?