
(සුජිත් හේවාජුලිගේ)
රටේ බෞද්ධාගම ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් පවත්වාගෙන ගිය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කිරීම ඇතුළු රටේ බරපතළ ගැටලු කිහිපයක් විසඳීමට මැදිහත් වන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියන්ට සහ නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනු නාහිමිවරුන්ට ඊයේ (19) ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය.
ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හර විෂය කාණ්ඩයෙන් ඉවත් කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම සහ බස්නායක නිලමෙවරුන් හිතුවක්කාරී ලෙස පත් කිරීමද මේ ආණ්ඩුවට එල්ලවී ඇති බරපතළ චෝදනා බව ඔහු පෙන්වා දෙන්නේය.
බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කර ඇතැයි ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කර ඇති බවත් එසේ කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහමුලින්ම පටහැනි ක්‍රියාවක් බවත් ජයසේකර මහතා එම ලිපියේ සඳහන් කර ඇත
එසේම එය බෞද්ධාගමට එල්ල කළ මරු පහරක් බවද හෙතෙම සඳහන් කළේය
විහාර හා දේවාලගම් පනත බරපතළ ලෙස උල්ලංඝනය කරමින් පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් තමන්ගේ හෙන්චයියන් බස්නායක නිලමේ පුටුවල වාඩි කරවීමෙන් අද පෙරහර පවා කඩා වැටෙන තත්වයක් මතුව ඇතැයි එම ලිපියෙන් කරුණු පෙන්වාදී ඇති දයාසිරි ජයසේකර මහතා ආගම හා සංස්කෘතිය අමතක කර කටයුතු කිරීමෙන් ඉතිහාසය නොදත් ආගමට සංස්කෘතියට ගරු නොකරන ඔලමොට්ටල පිරිසක් බිහිවීම වැළැක්විය නොහැකි බවද ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව හැටියට අපිත් ඒ ගැන ලොකු අවධානයෙන් ඉන්නේ. සුද්දාටත් කරන්න බැරි වුණු දේ තමයි මේ කරන්න යන්නේ...
රටේ ජාතික ධනය හොරාකාපු, කුඩු ගෙන්නපු එවුන් රෙද්ද අස්සේ ගහගෙන බෞද්ධකම විතරක් ආරක්ෂා කරගත්තාම ඇතිද?
අනේ දයාසිරි ජයසේකර. ඔයා කවුද කියලා මුලු රටම දන්නවා. දේශපාලන පක්‍ෂය මොකද්ද කියලාවත් මතකද? ඒ තරමට හතර අතට පැනලා දැන් අනාථ වෙලා ඉන්න කොට, දැන්ද ඉතිහාසය මතක් වුනේ...? පුළුවන් තරම් බඩ ගෝස්තරවාදී දේශපාලන කරලා, කරපු එක හොඳ වැඩක් කියන්න රට වෙනුවෙන්. ඔයිට වැඩිය හොඳයි විමල් වීරවංශ සමග එකතුකර ගැනීමට උත්සාහ කරන්න...
නුඹලාට අවශ්‍ය නුඹලාට රැවටෙන මෝඩයින් රටේ බිහිකරන, ලෝකයට ගැලපෙන උගතුන් හදන්න නොවේ...
දැන් ටිකක් කල්පනා කරලා බැලුවොත් රටේ ඉතිහාසයත් දැනගෙන, බුද්ධාගමත් දැනගෙන... මොවුන් සේරම කල්ප ගානක් ඉගෙනගෙන. රටට කරපු හරිය දෙවියෝ දනී... අපිත් දනී. මිනිස්සු සත්තුන්ටත් අන්තයි. මෙයා කතා කරන්නේ ළදරුවෙක් වගේ. නාකි මයිනගේ බල්ලා විතරයි තනතුරක් දැරුවේ නැත්තේ... රටේ ආයතනවල එදා මු කට ඇරියාද? දැන් පුස්කොලපොතකට කෑගහන්නේ... මෙයා හරි උගතා කියලා පෙන්වන්න යනවා. රට කෙරුවේ නාකිගොබ්බ රැලක්. මාලිමාවට 1948 බලය දෙන්න තිබුනේ... ඒ කාලේ පක්ෂයක් තිබුනේත් නැහැ තිබුණා නම් අද මේ රට පුන්චි ඇමරිකාව. මිනිස්සු අධික පොහොසත්. නමුත් වුනේ. ගවරෑනක් පාලනය කරලා යනකොට අනිත් ගව රෑන බාර ගත්තා. එක ලන්කාව මඩ ගොඩක් එරෙනවා. දැන්නම් මඩ වේලිගන යනවා. ගවරෑන ගාල් කරන නිසා... මෙයා නයට කහිනවා. ආදීකාලේ ඉතිහාස පොත් අරන් කියවලා බලපන් සුද්දා රට බාරදෙන කොටයි.
දේශපාලනයක් පමණක් හිසේ පුරවාගත් මාලිමා ගොන්නුන් රටට අවශ්‍ය නැත. ඔවුන්ට රටක්, ජාතියක් හෝ ආගමක් නැත. ඇත්තේ හිස් දේශපාලන අදහස් වලින් හිස උදුම්මා ගැනීම පමණි. අනුන්ට පරුෂ ලෙස බැන වැදීම වැනි ඉතා පහත් ද්වේෂ සහගත මානකසික මට්ටමක් ඔවුනට ඇත.වර්ථමාන රජයට අවශ්‍ය යන්නේ ඉතිහාසය බුදුදහම දියකර හැර අක්මුල් නැති පරපුරක් බිහි කිරීමටයි. එය බටහිරයින්ගේ සහ කොට් ඩයස්පෝරාවේ වුවමණාවමය. නමුදු එය ඔවුන්ගේ අවසානය වනු නියතයි. මේ සිංහල බෞද්ධ රටයි. අපට කිසිම දේශපාලන පක්ශයක් නැත. ඇත්තේ රටත් ජාතියත් බුදු දහමත් පමණි.
කරුණාකර රජය මෙවැනි ප්‍රකාශ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කරන්න උනන්දු කරන්න. නැත්නම් මේ කාලකන්නි කරන මෙවැනි හිතළු ප්‍රකාශ වලින් රටේ ජනතාවගේ මානසික සෞඛ්‍යය පිරිහීමට හේතු වෙනවා. Container වල LTTE ආයුධ තිබුණා කිව්වා / ඉතිහාසය උගන්වන්නේ නෑ කිව්වා / හොරු අල්ලනකොට පලිගන්නවා කියනවා. මේ විකාර නැවැත්විය යුතුයි.
මුන් ජාතියක් විනාශ කරලා, දැන් ආගම අල්ලගෙන ගොඩ යන්න හදනවා. ආගමට මොකූත් වෙලත් නෑ, ජාතියට මොකූත් වෙලත් නෑ, එල්ලෙන්න වැලක් නැති රිළවු.