
(රෝෂන් තුෂාර)
එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බලපෑම් කලේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක ඒස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය අද පැවසීය.
සැකකාර තමීම් රවුමන් අධිකරණයේ පෙනී සිටි සිටීමෙන් අනතුරුව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කරුණු දක්වමින් කියා සිටියේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 05 සහ 06 සහ 8 වගන්තිය යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අදාළ වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇති බවය.
ඒ අනුව සැකකරුට එරෙහිව නොබෝ දිනකින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බැවින් නඩුව වෙනත් දිනක කැඳවීමට දින නියම කරන ලෙසද ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල දෙසැම්බර් 5 දින කැඳවීමට දින නියම කළේය .
2025 නොවැම්බර් මස 04
113
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘දඹුල්ල තන්ඩර්ස්‘ හිමිකරුට අධිචෝදනා ගොනුකරයි