(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදෙකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශ කිරීම නිසා ඇතැම් ගොවීන් සහ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම් දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක එළවළු අලෙවි කරන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.
ගොවීන් කියා සිටියේ දින එකක් දෙකක් ඇතුළත නෙළීමට අවශ්‍ය එළවළු වර්ග දීන ගණනාවක් වගා බිමේ තබා ගැනීමට නොහැකි නිසා ඒවා කඩිනමින් අලෙවි විය යුතු නිසා තම අස්වැන්න නෙළාගෙන ප්‍රධාන මාර්ගය දෙපස තමා අලෙවි කිරීමට ක්‍රියා කරන බවය.
දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ කිසිදු ස්ථානයක එළවළු අලෙවි කිරීම්ට අවස්ථාවක් ලබා නොදීම පියවර ගෙන තිබිණි
දඹුල්ල ප්‍රදේශයේ එළවළු අලෙවි කිරීම්ට නොහැකි වූ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළෙන්දන් තම ගොවීන් සහ එළවළු මිල දී ගැනීම් සඳහා පැමිණි පුද්ගලයින් දුරකථන හරහා සම්බන්ද කරගෙන දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මේ ආකාරයෙන් තම එළවළු වෙළඳාම කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දඹුල්ලේ එළවළු ගලේවෙල දී විකුණයි