IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ ජැෆ්නා පරාජය කරති

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 සිවුවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1) පැවැති දිනයේ පළමු තරගයේදී දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ප්‍රබල ජැෆ්නා කිංග්ස් පිල  පරාජය කිරීමට සමත් වූහ.

දඹුල්ල අවුරා පිතිකරුවෝ ලකුණු 130 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 16.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 32 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කළේය.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා පිල වෙනුවෙන් චරිත් අසලංක පන්දු 56 කින් ලකුණු 56 ක් රැස් කළේය.

ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 129 (චරිත් අසලංක 56, ටොව්හිඩ් රිඩෝයි 24, ඩේවිඩ් මිලර් 14, බිනුර ප්‍රනාන්දු 27/2, ශනාවාෂ් දහනි 36/1, හයිඩන් කීර් 16/1, ධනංජය ද සිල්වා 17/1, නූර් අහ්මඩ් 27/1) දඹුල්ල අවුරා පිල ඕවර 16.2 කදී කඩුලු 2 කට 132 (අවිෂ්ක ප්‍රනාන්දු 52, කුසල් මෙන්ඩිස් 29, කුසල් පෙරේරා නොදැවී 34, සදීර සමරවික්‍රම නොදැවී 12, දුනිත් වෙල්ලාලගේ 27/1, විජයඛාන්ත් වියස්ඛාන්ත් 24/1)  



අදහස් (0)

දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ ජැෆ්නා පරාජය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site