ජනාධිපති සමාව යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සම්පූර්ණයෙන් හෙළා දකින බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට දී ඇති බලතල උල්ලංඝණය කිරීමක් යැයි ද එම සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කරන ලද්දේ හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ දී අධිකරණයට අපහාස කිරීමේ වරදට යැයි ද ඥානසාර හිමියන් වරදකරු කරන ලද්දේ සහ සිරදඬුවම් පමුණුවන ලද්දේ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යැයි ද එම සන්ධානය කියයි.
එම අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට උන්වහන්සේ නිවැරදිකරු නම් ඒ බව විත්තිවාචනය කිරීමට අවස්ථාවක් තිබූ බව ද එම සන්ධානය සඳහන් කරයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කළ එය ප්‍රතික්ෂේප වූ බවත් එම නිවේදනයේ දැක්වේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවස්ථා ගණනාවකදී බෞද්ධ නොවන පුරවැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කළ බවත් ඒ කිසිදු අවස්ථාවකදී ඒ හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බවත් සඳහන් කරන දෙමළ ජාතික සන්ධානය එය ඥානසාර හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ එක් අවස්ථාවක් යැයි ද සඳහන් කර ඇත.
වාර්ගික හා ආගමික ප්රචණ්ඩත්වය පාලනය කිරීමේ අභියෝගයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අවස්ථාවකදී රටක් ලෙස ඉදිරියට යෑමට නම් සියලු දෙනාටම සමාන ලෙස සැළකිය යුතු බව ද කියයි.
එම නිසා කුමන ආගමික හා වාර්ගික ජන කොටසකට අයත් වුවත් වෛරය වපුරන්නන්ට එරෙහිව ආණ්ඩුව පරෙස්සම් සහගත ලෙස කටයුතු කළ යුතු බවත් එම සන්ධානය කියයි.
මේ තත්ත්වය මත ජනාධිපතිවරයා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් දැඩි මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සමාජයට වැරදි පණිවුඩයක් ගෙනයන බව එහි දැක්වේ.
මේ නිසා නිවැරදිව සිතන සියලු දෙනා ජනාධිපතිවරයා මෙම ක්‍රියාව කිසිදු පැකිළීමකින් තොරව හෙළා දැකිය යුතු යැයි ද එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාව මරන්න උත්සාහ කරපු එල්.ටී.ටී. එකේ දෙමළට සමාව දීලා නිදහස් කරපුවාම ඔයාලගේ කටවල් වැහිලද තිබුණේ. උඹලට මේ රටේ ඉන්න බැරිනම් පල ඉන්දියාවට...
ජනාධිපතිව මරන්න හදපු LTTE කාරයට සමාවදීලා නිදහස් කරපු එකට කමක් නැද්ද? රට රැකගන්න කතා කළා.. රටේ විනාශය සහ මේ මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කතා කළ මේ හාමුදුරුවන්ට නිදහස දීම වැරදියිද? දෙමළ සන්ධානේ තනිකරම ජාතිවාදී පක්ෂයක්...
කොටියා නිදහස් කරද්දී ඔය ඔක්කොම නිවැරදියි. අනේ මුන් වගේ කුහක ජාතියක්...
රොෂාන්, ජාතිවාදියෙක් වෙන්න එපා.
අනවශ්‍ය දේවල්වලට කට දාලා වැඩ වරද්දගන්න එපා. මේක ශ්‍රී ලංකාව...!
රොෂාන් නෙමෙයි ජාතිවාදියා... මානෙල් ඔබයි ජාතිවාදියා...
ජනපති මරන්න ආ පුද්ගලයාට සමාව දුන්නා කියන මේ ජවනිකා නිර්මාණය කරගෙන තිබෙන්නේ ඔහු විසින්මයි. ඔහුව මරන්න ආ කෙනෙක් නැත.
මුලින් හමුදාව එපා කිව්වා. යොන් ත්රස්තවාදීන්ගෙන් වදින කොට හමුදාවට අයින්වෙන්න එපා කීවා. හාමුදුරුවෝ නිදහස් කළාම එපා කියනවා. හාමුදුරුවෝ කීවදේවල් ඇත්ත වුනා.
දෙමළ, මුස්ලිම් වගේම සිංහල, ජාතිවාදී පක්ෂ ඇත්නම් ඒවා තහනම් කරන්න ඕනේ.. ඔවුන් කරන ප්‍රකාශ ජාතික සමගියට හානිකරා නම් එවැනි පක්ෂ තහනම් කරන්න ඕනේ.. එහෙම නැතුව ප්රජාතන්ත්රවාදේ කියලා ඕනෙම දෙයක් කියන්න කිසිම රටක අවසර නැහැ. ටී.එන්.ඒ. දැනට කරලා තියෙන ප්‍රකාශ බැලුවාම ඉතාමත් ජාතිවාදියි. ඔවුන්ට ජාතික සමගිය ගැන කිසිම වුවමනාවක් නැහැ. ඔවුන්ට උතුරේ දුක්විඳින අහිංසක මිනිස්සු ගැන කිසිම හැඟීමක් නැහැ. මේ දේශපාලකයින්ගේ පවුල් පිටින් ඉන්නේ බටහිර රටවල... සියලුම ජතීන්මත පදනම් වන පක්ෂ තහනම් කරන්න ඕනේ. මුස්ලිම්වරුන්ට, දෙමළ අයට, සිංහලයන්ට වෙනම පක්ෂ ඕනේ නැහැ ලංකාව තුළ.. අපිට පොදු ජනතා අරමුණු සඳහා පෙළගැසුන පක්ෂ. අන්න එතැනින් අපි පටන් ගන්න ඕනේ..
ඇත්ත කතාව. පාස්කු බෝම්බ පිටින් දමලා නිදහස් කරපු එක වැරදියි...
කොටි රැල නිදහස් කළා නම් හරි නේද? ඔයාලත් එළියේ ඉන්න ඕන වුන් නොවෙයි. හිරේ ඉන්න ඕන හරිනම්. රට විනාශ කරන පර ගැත්තන්.....
දැන්නං හොඳටම ඇති සිංහලයෝ එකට එකතු වෙන්න ඕනෙම කාලයක්.. ඉන්දියාවේ මෝඩි දින්නේ දෙමහල්ලෝ නැතුව.. ඔවුන්ගේ හින්දු මිනිස්සු එකතු වෙලා මෝඩිව දිනෙව්වා, අනිත් එවුන්ට මෝඩිව පේන්න බැහැ..
හින්දු කෝවිලකට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වූවා නම් බලාගන්න තිබ්බා. මේ ගොල්ලන්ගේ ප්‍රකාශ... කතෝලික අයටත් ඥාණසාර හාමුදුරුවෝ හොඳ වුනේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ "ඇත්ත ඕක තමා..."...එතකන් උන්වහන්සේට දොස් කිය කිය හිටියේ... ආගම් වාදය අව්ලනවා කියලා... ඕකට තමා කියන්නේ "කනකොට කබර ගොයත් ...තලගොයා වෙනවා කියලා..."
2012 - 2013 කාලේ මම ඕමානයේ ඉඳන් ඥානසාර හාමුදුරුවන්ගේ අදහස්වලට ගෞරවයෙන් ෆේස්බුක් හරහා පණිවිඩ යවා ඇත. එහෙත් යම් යම් ක්‍රියා නිසා බෞද්ධ අන්තවාදියෙකු යයි සිතා ඒ සම්බන්ධතාවය මම නතර කළා. මිනීමරු අංගුලිමාල බුදුන් වහවහන්සේ දෙසු දහම් අසා රහත් වුනේ චින්තනයේ නිවැරදි බව නිසාය යනු මගේ අවබෝධයයි. මන්ද හමුදා භටයෙකු ඔහුට ලැබෙන අණට කීකරුව ප්‍රතිවාදීන් මරාදැමිය යුතුවා වගේ අංගුලිමාල ගුරුවරයාගේ අණ පිළිපැදීම නිසා එසේ මිනීමැරීය. මම හිතන්නේ හිරේදී ලබාගත්තු පාඩම් සමග අසමසම වූ බුදු වදන් අසා ඇති නිසා ඥානසාර හාමුදුරුවන් නිසි ක්‍රම හා විදි අනුව නිසි බෞද්ධ භික්ෂුවකට ගැලපෙන අයුරු ක්‍රියා කළහොත් මහාසේවයක් රටට කළහැකි වනු ඇත. සමහරුන් හිතන විදිහට තට්ටේවත්, සිවුරේවත් අවබෝධය ඇත කියා මම නොසිතමි. අසහාය වූ බුදුවරුන් පමණක් පිහිටන තර්කයෙන් හා වචනයෙන් ඔබ්බට යන සියල්ල දත් අවබෝධය පාරමිතා නොහොත් සංසාර පුරුදු මගින් ලබාගත යුතුවා සේම ඒ ඒ වීෂයයන් පිළිබඳවද පළපුරුද්ද නැතුව හිතළු කියන්නන් පිස්සු කෙලින බව අවබෝධයෙන් දැකීම ඉතා වැදගත්ය. හේතුඵල දහම අනුව ක්‍රියාකරන්න.
කොළඹ බෝම්බ පුපුරපු උනුත් නිදහස් වුණා. හාමුදුරුවෝ එහෙම නැහැ. එතකොට විග්නේශ්වරන් කතා කරන්නේ සහජීවනය වෙන්න ඇති..
මුන්ගෙන් අහලා වැඩ කරන්නේ කවුද...?
අපි සියලු දෙනාම ටී.එන්.ඒ ජාතිවාදී හැමකෙනාම ඉතා පහත් ලෙස හෙළාදකින අතර ඔවුන්ට දැඩි ලෙස සාප කරනවා.
අපි සියලු දෙනාම ටී.එන්.ඒ ජාතී වාදී එවුන් හැම එකාම ඉතා පහත් ලෙස හෙළාදකින අතර ඔවුන්ට දැඩි ලෙස සාප කරනවා.
මෙය කාලෝචිත තීරණයක්...