
(යොහාන් භාසුර)
පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රියෙන් දිනකට ප්‍රවාහනය කරන ඉන්ධන ප්‍රමාණය ඉන්ධන ලීටර ලක්‍ෂ 5 කින් පමණ ඉහළ දමා ඇති බවත් එම ප්‍රමාණය තව දුරටත් ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ වර්ජනයට පෙර දිනකට ඉන්ධන ලීටර මිලියන 3.5 ක් ප්‍රවාහනය කළ ද මේ වන විට එම ප්‍රමාණය මිලියන 4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කී ධම්මික ජයසුන්දර මහතා කොළොන්නාව ඉන්ධන පර්යන්තයත් සමඟ දුම්රියට සෘජු සම්බන්ධතාවක් ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd