
(මහින්ද නිශ්ශංක )
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.
විශේෂයෙන් වර්ජනයක නිරතවීම පිලිබඳව අප්‍රසාදය පළ කරන බවද අමාත්‍යාංශය පවසයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙකටම රජයක් වශයෙන් අමාත්‍යාංශය විසදුම් ලබා දී තිබියදී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමක් ද යන්න සැකසහිත බවද ප්‍රවාහන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය පඹයෙකුගේ තත්වයට පත්වෙලා. අසරණ මගීන්ට කාගේ පිහිටක්ද?
ලාල් කාන්ත සහෝදරයාව හොයන්න. එයා තමයි පහුගිය අවුරුදු ගානක් තිස්සේ තිබුනු හැම රජයටම විරුද්ධව සාධාරණ අසාධාරනකම් බලන්නේ නැතුව වර්ජන කරන්න ජනතාවට කියලා දුන්නේ. අපිට මතකයි 2009 කොටි යුද්ධය ඉවර කරා විතරයි ලාල් කාන්ත සහෝදරයා අපිට කිව්වා රජයට විරුද්ධව දැවැන්ත වැඩ වර්ජනයක් කරනවායි... අර 1989 ජේවීපී එක මාස ගානක්ම රට අඩාල කරා වගේය කරන්නේ කියලා. ගොඩක් දෙනෙක් ඒ ලාල් කාන්ත වර්ජනයට ගියේ නෑ රට අමාරුවෙන් ගොඩ එන වෙලාවේ වැඩවර්ජන කිරීම වැරැදියි කියලා. ඒ වර්ජනය පැය දෙකෙන් අතැරියා. ඒත් ඊට පස්සේ කොච්චර වර්ජන කෙරෙව්වද? තිබුණු හැම රජයකටම විරුද්ධව. ලාල් කාන්ත වගේම තමයි මහින්ද ජයසින්හ, දැන් ඉන්න කම්කරු නියෝජ්‍ය ඇමැති, රටේ අධ්‍යාපනය කඩන්න මුල්වුනේ. මිනිස්සුන්ව වර්ජන කරන මානසිකත්වයට ගේනකොට හිතන්න තිබුණා අපේ පක්‍ෂයත් කවදා හරි රජයක් පිහිටෙව්වොත් අපිටත් මේ ටික වෙයි කියලා. ඒක තමයි දැන් වුනේ. අපේ අය දැන් දන්නේ වර්ජන කරන්න විතරයි. දැන් ලාල් කාන්ත සහ මහින් ද ජයසින්හ ඇමැතිලාට කියන්න වර්ජන නොකරන්න උගන්වන්න කියලා.
සුළුදේටත් වර්ජන කිරීමේ පුරුද්ද ඇති කළේ දැනට ආණ්ඩු කරන උන්දැලාමයි. දැන් ඉතිං වැපිරූ දේ නෙලාගන්නට කාලයයි.
ශ්‍රී ලංකා යුද හමුදාව තුළ වෙනම දුම්රිය රියැදුරු ඒකකයක් ස්ථාපිත කර මෙවන් අවස්ථාවක එම රියැදුරන් යොදවා දුම්රිය දාවනය කිරීම සඳහා ඉතා ඉක්මනින් සැලසුම් සකස් කළ යුතුයි.
අසාධාරණ වර්ජන වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. රටේ පොදු යහපත පිණිස ඉවසීමෙන් වැඩ කල යුතුයි.
වැඩ වර්ජන රෝගය ව්‍යාප්ත ලාල්කාන්ත ප්‍රමුඛ ජවිපෙ ප්‍රමුඛ පසුගිය අවුරුදු විස්සක් තිහක් පමණ ඒ ඒ අවස්ථාවේ සිටි විපක්ෂ බලවේගයන් වේ. වැඩි පඩි ඉල්ලා වර්ජන කරන කොට ආණ්ඩු බලය රැකගැනීමට රටේ අනාගතය බිල්ලට දීලා රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට බයේ පඩි වැඩි කළා...! මේ ආණ්ඩුව නිෂ්පාදන ආර්ථිකයක් හදන්න කියලා ඇවිත් ලාබ විදියට බලය තරකර ගන්න තවත් පඩි දීමනා වැඩිකරලා රට තීරණාත්මකව ප්‍රපාතයටම තල්ලු කළා...! පක්ෂ විපක්ෂ සියළු දෙනාම රජයේ සේවකයින් කියලා ලක්ෂ විසි පහක් වැටුපකට ප්‍රමාණවත් ප්‍රයෝජනවත් වැඩ නොකර පඩි කන ව්‍යසනය පරාජය කරනතුරු මේ රටට ගැලවීමක් නැත....
පාදෙණිය ජනතා විමුක්ති පෙරමුණේ හිටියේ නැහැ. එයා හිටියේ කාත් එක්කද?
කළින් අවුරුදු 50ක් කරනකොට...
මේ අයට දැන් සේරම වැඩ වර්ජන අසාදාරණයි. කලින් මොවුන් 365 දවසේම වැඩ වර්ජන... එතකොට පෙනුනේ නැද්ද... දන්නේ නැත... මේ අසාධාරණකම...