
(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින දුම්රිය රියදුරු තනතුරේ පුරප්පාඩු පිරවීම සදහා අයදුම්පත් කැඳවා ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ හිටපු ලේකම් එස්.ආර් .සී .එම්.සේනානායක මහතා පැවසීය.
අපොස (උසස් පෙළ) විභාගයෙන් සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව හා තවත් එක් විද්‍යා විෂයයක් ඇතුළු සියලු විෂයයන්ගෙන් එකවර සමත්වි තිබීම, භාෂාව හෝ සාහිත්‍යය, ගණිතය සහ විද්‍යාව'ඇතුළු විෂයයන් හතර කට සම්මාන සාමාර්ථ සහිතව අපොස ( සාමාන්‍ය පෙළ විභාගය) එකවර විෂයයන් හයකින් සමත් පිරිමි අයදුම්කරුවන්ට මෙම රියදුරු තනතුරු සදහා අයදුම් කළ හැකිය.
වෘත්තිය සුදුසුකම් වශයෙන් තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පිළිගනු ලබන ඉංජීනේරු ඩිප්ලෝමාව හදාරා තිබීම හා විවෘත විශ්ව විද්‍යාලය විසින් ලබාදෙන තාක්ෂණික ඩිප්ලෝමාව දක්වා තිබේ.
දුම්රිය රියදුරන් බදවා ගැනීම සම්බන්ධ වැඩි විස්තර 2025 පෙබරවාරි 28 වන දින රජයේ ගැසට් පත්‍රයේ සදහන් වන බව දුම්රිය රියදුරු සංගමයේ හිටපු ලේකම් සේනානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
බොහෝ කාලයක සිට දුම්රිය රියදුරු තනතුරේ පුරප්පාඩු 228 ක් පමණ පවතින බව දුම්රිය රියදුරු සංගමය පවසයි. දුම්රිය රියදුරන් 458 ක් පමණ සිටිය යුතු නමුත් මේ වනවිට සිටින්නේ රියදුරන්, 220 ක් පමණ වන බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රස්සාවට සහ අනෙකුත් රජයේ පුරප්පාඩු වලට පිටින් පුද්ගලයින් ගන්න ඉස්සර වෙලා දැනට රජයේ සේවයේ යෙදී සිටින්නන්ට ප්‍රමුඛත්වය දෙන්න...
පිරිමි අයදුම්කරුවන් පමණක් බඳවා ගන්නේ නම් එය නීති විරෝධී බඳවා ගැනීමකි. කාන්තාවන්ට කරන බරපතල අසාධාරණයක් සහා ව්‍යවස්ථා විරෝධී වන ලිංගිකත්වය මත වෙනස් කොට සැලකීමකි. එයට විරුද්ධව ඉහළ උසාවියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කල යුතුයි. හරිනි අමරසුරිය ගේ ද විසිල් මිස බල්ටි ඇති බවක් පෙනෙන්නට නැත.
ඔයා තවම ගරු අගමැතිනියගේ බල්ටි දැක්කේ නැද්ද? වියදම් අඩුකරලා ලක්ෂ ගාණක් අපේ බදුමුදල් ඉතිරිකරලා හොඳ ආදර්ශයමත් නායිකාවක් බව පසුගිය මාසේ නිවුස් වල ගියා. පොඩ්ඩක් හොයලා බැලුවේ නැද්ද? පව් අනේ...!
Airline pilot කෙනෙක් වෙන්නත් අවම සුදුසුකම O Level නමුත් අපේ රටේ දුම්රිය රියදුරෙක් වෙන්න උසස්පෙළ combined maths සහ Physics අවශ්‍යයි කියන්නේ විහිළුවක්. මෙන්න මේවා නිසා තමයි මෙතනත් බමුණු කුලයක් හැදිලා තියෙන්නේ .
ලෝකයේ බොහෝ රටවල් වල කාන්තාවන් ගුවන් යානා, නෞකා, දුම්රිය, විශාල ලොරි සහ බස් ධාවනය කරණ කොට, ඇයි ලංකාවේ කාන්තාවන්ට එවැනි සුදුසුකම් තිබේ නම් දුම්රියක් ධාවනය කිරීමේ අවස්ථාව නොදෙන්නේ ?
කාකාන්තාවන්ට ඇයි මේක බැරි ? තාම ළිං ගෙඹි සංස්කෘතික දූපත් මානසිකත්වය පිරිච්චි රටක් කොහොම දියුණු කරන්න ද. මැලේසියාව පවා කාන්තාව දුම්රිය එලවනවා.