(ඩයනා උදයංගනී)
දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව වසර පහකට අධික කාලයක් තුළ සංශෝධනය කර නොමැති මගී ප්‍රවාහන ගාස්තු සහ වසර 14ක කාලයක් තිස්සේ සංශෝධනය කර නොමැති බඩු ප්‍රවාහන, තැපැල් ප්‍රවාහන හා වෙනත් භාණ්ඩ සඳහා අය කරන දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.
රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහනදායී ගාස්තු ක්‍රමවේදයක් අනුගමනය කළත් මෑතකාලීනව ඉන්ධන මිලෙහි සිදුවූ සීඝ්‍ර ඉහළයාම මත දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගැනීමට සිදුවන බව ඇමතිවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවෙහි දැක්වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුම්රිය ගාස්තු ඉහළට