IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දුම්රිය එන්ජින් බලවේග කට්ටල 90ක් ‘ලදරන්’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 267න්  90ක් අවුරුදු 40ට වඩා පැරණි එ්වා   බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය

එසේම අවුරුදු 20 ත් 30ත් අතර පැරණි   දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 69 ක්ද  අවුරුදු 10ත් 20ත් අතර පැරැණි දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල  62ක්ද  අවුරුදු 10ට අඩු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 46ක්ද  පවතින බව  එහිදී හෙළි වී යැයි කෝපා කමිටුව පවසයි.

මේ අතර  2020 සිට 2024 දක්වා ක‍ාලයේදී  දුම්රියේ ගැටීමෙන්  වන අලි 53ක් මියගොස් ඇති බවත් 17ක්  තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ තොරතුරැ  අනාවරණය වූයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA)   පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය  (09) දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කමි‍ටුව පෙන්වා දුන්නේ වන අලි අනතුරු අවම කර ගැනීම සඳහා 2018 ඔක්තෝම්බර් මස 11 දින සිට 15 දින දක්වා සමීක්ෂණයක්  කර වන අලි දුම්රියේ ගැටීමේ ස්ථාන හා වන අලි දුම්රිය මාර්ගයේ ගැවසෙන ස්ථාන පිළිබඳ අධ්‍යයනයක්  කර තිබුණත් වන අලි දුම්රියේ ගැටීම අවම වී නැති බවයි.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 පැවති තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත් මෑත කාලීනව අලි 200 පමණ දිනපතා දුම්රිය මාර්ග අවට ගැවසෙන බවට  හඳුනාගෙන ඇති බවයි. මේ නිසා දැනටමත් කෙටි කාලීන විසඳුම් ලබාදී ඇති බවත් මේ වන විට වන ජීවී දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් දීර්ඝකාලීන විසදුම් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.



අදහස් (3)

දුම්රිය එන්ජින් බලවේග කට්ටල 90ක් ‘ලදරන්’

nipuna Friday, 16 May 2025 05:33 PM

සමහර දුම්රිය කට්ටල පරණ වුණාට, අලුත් ඒවාට වඩා විශ්වාසදායකව වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, නඩත්තුව ලේසියි. අර 2000 විතර ප්‍රංශෙන් ගත්තු ඒවාට වුණු දේ දන්නවනේ...

:       1       5

Nandalal de Silva - France Friday, 16 May 2025 07:18 PM

ඇයි මොකෝ, ප්‍රංශ බඩු නරකද?

:       1       0

de silva Saturday, 17 May 2025 12:53 PM

අපගේ වර්තමාන ආණ්ඩුව සහ පැරැණි ආණ්ඩු සියල්ල කලේ, රටේ පොදු ප්‍රවාහන සේවේ බල්ලට දමලා පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබන පාඩු පියවීම මිසක් වෙන දෙයක් නොවේ....!

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 667 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site