IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම්රියේ ඉන්ධන වංචාවක් ගැන සොයයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගනයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන වංචාවක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුඛෝපභෝගී දුම්රිය මැදිරිවල වායු සමීකරන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සවිකර තිබෙන ඉන්ධන ටැංකිවල මුද්‍රා කඩා රාත්‍රි කාලයේ දී ඉන්ධන ජාවාරමක් සිදු වන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මාලිගාවත්ත දුම්රිය අංගනය වෙත ගොස් සිදු කළ මූලික විමර්ශනවල දී වායු සමීකරන දුම්රිය මැදිරිවලට ඉන්ධන  සපයන ටැංකිවල මුද්‍රා කඩා ඉන්ධන සොරා ගැනීමට අමතරව දුම්රියන්වලට ඉන්ධන සැපයීමේදී ප්‍රධාන මීටරය හරහා සිදුකරන අක්‍රමතාවක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී ඇත.

විශේෂ විමර්ශන කණ්ඩායම දුම්රිය අංගනය වෙත ගොස් ඉන්ධන සපයන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එම ස්ථානය පිහිටා තිබෙන දුම්රිය මාර්ග හතෙන්ම දුම්රිය එන්ජින්වලට ඉන්ධන සැපයීමට ( ලයින් හතක් හරහා) හැකි බවත් එම ඉන්ධන සැපයීම සඳහා එකම ප්‍රධාන මීටරයක් ක්‍රියාත්මක වන බවත් අනාවරණය කරගෙන ඇත.

 



අදහස් (3)

දුම්රියේ ඉන්ධන වංචාවක් ගැන සොයයි

Nimal Tuesday, 01 August 2023 09:25 PM

මෙහෙම දැම්මාම හොරු ටික දැනගන්නවනේ... තමන් පස්සෙන් එනවා කියලා.

:       0       1

කිරිපුතා Wednesday, 02 August 2023 09:21 AM

තව හොයාගෙන ගියා නම් දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ හොර ගුහාවක් වග තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වුණාට පොඩ්ඩ ඇත්නම් වැඩ වරදිනවා. මේවා පෞද්ගලීකරණය කරන එක තමයි හොඳ...!

:       0       3

Hasitha Wednesday, 02 August 2023 04:32 PM

මේ සිරි ලංකාවේ හොරකම, නාස්තිය, දූෂණය නැති තැනක් දැන්නම් හිතන්නවත් බෑ. අපි සල්ලි දීලා ගන්න හැම සේවාවක්ම, හැම බඩුවකින්ම කොටසක් දූෂණ, වංචා වියදම කියලා වෙනම දක්වන්න කියලා මම යෝජනා කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site