IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ආරක්ෂා කරන්න හමුදාව මදි

(මහින්ද නිශ්ශංක)

දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරී පුරප්පාඩු 300 ක් පමණ  නොපිරවීම නිසා එම ආරක්ෂක අංශයේ වැඩ කටයුතු අඩාල වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දුම්රිය ආරක්ෂක හමුදාවේ පවතින මෙම ආරක්ෂක නිලධාරී පුරප්පාඩු පිරවීමට මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛයක් හරස් වී ඇති බවත් දැනගන්නට තිබේ.

රාජකාරි කටයුතුවල අවශ්‍යතාවය අනුව 719 දෙනෙකු පමණ සිටිය යුතු දුම්රිය ආරක්ෂක හමුදාවේ දැනට සිටින්නේ ආරක්ෂක නිලධාරීන්. 402 ක් පමණ බවත් මේ වසරේ ඉන් නිලධාරීන් 34 දෙනකු ද ලබන වසරේ නිලධාරීන් 47 දෙනකු ද විශ්‍රාම යාමට නියමිත බව දැන ගැනීමට තිබේ.

දැනට වසර දෙකකට පමණ පෙර දුම්රිය ආරක්ෂක අංශයට නිලධාරීන් බදවා ගැනීම සඳහා තරඟ විභාගයක් පවත්වා ඉන් සමත් වූ 178 දෙනකු සම්මුඛ පරීක්ෂණයක් මගින් ද තෝරා ගෙන ඔවුන් ට පත්වීම් ලිපි පවා නිකුත් කර ඇති බවත් එහෙත් ඔවුන් මෙතෙක් දුම්රිය ආරක්ෂක හමුදාවට බදවා ගෙන නැතැයි ද වාර්තා වේ.



අදහස් (2)

දුම්රිය ආරක්ෂා කරන්න හමුදාව මදි

de silva Tuesday, 11 July 2023 09:57 PM

අනෙක් රජයේ දෙපාර්තමේන්තු සහ සංස්ථාවල නිකරුණේ කාලය ගෙවන නිලධාරියෝ පුහුණුකර මේ වැඩේට දාන්න බැරිද?

:       0       1

Priyantha Wednesday, 12 July 2023 06:30 AM

මේ 300 බඳවා ගත්තාම දුම්රිය ලාබ ලබයිද?. මිනිස්සුන්ට තවත් බර නොදී මේක දැන්වත් විකුණලා දාන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site