IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දුම්රිය අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට

 

(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

දුම්රිය රැසක් ඊයේ (28) පස්වරුවේ සිට අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

දුම්රිය රැසක් අද පෙරවරුවේ අවලංගු කිරීමෙන් පෞද්ගලික අංශයේ සේවයට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකළපුව සහ කන්කසන්තුරේ ආදි ප්‍රදේශ රැසකට ධාවනය කරන දුරගමන් සේවා දුම්රිය රැසක් ද අවලංගු කිරීමෙන් කලින් ප්‍රවේශපත් වෙන්කරගත් මගීන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය අඩුවීමත්, පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් නොකිරීමත් හේතුවෙන් දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, ධාවනය වීමට නියමිත දුම්රියද අවලංගුවීම නිසා ධාවනය වූ දුම්රියවල මගීන්ට ගමන් කිරීමට සිදුවූයේ දුෂ්කරතා මධ්‍යයේය.

ඇතැම් මගීන් දුම්රිය පාපුවරුවේ මෙන්ම වහලය මත ද නැගී ඉතා අවදානම් අයුරින් ගමන් කළහ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ රාත්‍රී 9.45 ට පොල්ගහවෙළ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය හදිසියේ අවලංගු කිරීමෙන් අපහසුතාවට පත් ජනතාව කොටුව දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට විරෝධය දැක්වූ බව ද වාර්තා වේ.

(ඡායාරූප: ඩයනා උදයංගනී)



අදහස් (2)

දුම්රිය අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 29 June 2022 02:13 PM

ඊයේ ප්‍රවෘත්ති වලින් පැවසුනේ,ප්‍රමාණවත් දුම්රිය යොදවන බවයි. ඒත් දැන් වැඩ කටයුතු කෙරෙන්නේ මෙහෙමයි. පව් අහිංසක මගීන් අමාරුවේ....

:       1       17

ජයන්ත,ජපානය Wednesday, 29 June 2022 02:40 PM

මේවා දැක්කාම හිනාවෙලා පනයනවා...

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site