(දයාරත්න ඇඹෝගම සහ බී.ජී.චතුරංග)
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය ද උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.බී.සේමසිංහ මහතාගේ නිවසේ තිබු පවුම් 60 ක රන් ආභරණද ගිනි තබන්නට ආ පිරිස් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
අනුරාධපුර ගුවන් තොටුපල මාර්ගයේ පිහිටි දුමින්ද දිසානායක හා එච්.බි.සේමසිංහ යන මහත්වරුන්ගේ නිවාස දෙකට පසුගිය 09 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබා එහි දේපලවලට හානි කොට තිබුණි.
මෙම සිද්ධිය අතරතුර දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු ඒ මහතාට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
එසේම එච්.බි.සේමසිංහ මහතාගේ නිවසට ආලාභ හානි කිරිමට ආ පුද්ගලයන් නිවසේ අල්මාරියේ තිබු පවුම් 60 කට අධිකරන් ආභරණද සොරා ගෙන ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර අල්මාරියක් ඇතුලෙ පවුම් හැටක් තියන් ඉන්නවනම් බැංකුවල කොහොම තියාගෙන ඇද්ද කියල හිතාගන්න පුළුවන් ..
වැව් අයිනෙ අනවසර හෝටල් හදල , දියවන්නාවෙ ඉන්න එකේ බලෙන් ,ඔය සුදුලොගුව වෙනුවට කලු ලෝගුවක් දාගෙන ආව නම් තමයි ගැලපෙන්නෙ. පවුම් 60 කියන්නේ එක් කෝටි විසි ලක්ෂයයි.කොහෙන්ද මේ යෝධයට මෙච්චර සල්ලි.
පිස්තෝලයෙන් මේ වෙලාවෙවත් ප්‍රයෝජනයක් නොගත්තානම් ප්‍රයෝජන ගන්න හදන කෙනෙක් උස්සන් යන්න ඇති