(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

දමන පොලිස් වසමට අයත් තිඹිරිගොල්ල වයි.එස්.එස්. ගම්මානයේ නිවසක තිබී ගිනි අවි උණ්ඩ සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.

පොලිසිය සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර  එල්. එම්. ජී. ස්වයංක්‍රීය තුවක්කු සදහා යොදන ජීව උන්ඩ 03 ක්, ටී.56 ගිනි අවි සඳහා යොදන ජීව උන්ඩ 19 ක්, එම්. 16 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උන්ඩ 48 ක්, බෝර 12 තුවක්කු සදහා යොදන ජීව උන්ඩ 01 ක්, පුරවන ලද බෝර 12 ජීව උන්ඩ 06 ක්, බෝර 12 හිස් පතුරම් කොපු 36 ක්, වෙඩි බෙහෙත් මිලි ග්‍රෑම් 6700 ක්, මුව අංතට්ටු 01 ක් සහ ගෝන අංතට්ටු 01 ක් සමග පිය පුතු දෙපලක අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.

සැකකරුවන් දෙදෙනා, වැඩිදුර විමර්ශන  සදහා දමන පොලිසියට භාරදී ඇත.