(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර කෙසෙල්වත්ත වෙළද සැලක් ඉදිරිපිට ත්‍රිෙරා්ද රථ ගාලක මිතුරන් දෙදෙනෙකු අතර අද (24) සවස ඇතිවූ ගුටි කෙළියකින් පසු එක් අයෙකු රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය කීය.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර , කෙසෙල්වත්ත ගාලුපාරේ පදිංචිව සිටී මොහොමඩ් අශීස් මොහොමඩ් අක්‍ර ම් නැමැති 46 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
ත්‍රිෙරා්ද රථගාලේ ත්‍රිෙරා්ද රථය ගාල් කිරිමට ඉඩ ලබාගැනීම සම්බන්දයෙන් දෙදෙනා අතර ඇතිවූ කතාබහකින් පසු ගැටුමක් දක්වා වර්ධනය වී ගුටි ඇනගෙන මියගොස් ඇති තැනැත්තා රෝහල් ගතකර ඇති බවත් , එහිදී මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මියගොස් ඇති තැනැත්තා අසනීප තත්ත්වයෙන් පසුවන අයෙකු බවත් සදහන් වේ. පහරදුන් තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
449
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1038
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමිතුරන්ගේ ගුටි කෙළිය මරණයකින් අවසන් වෙයි