
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි
එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 2 ක් හා මත් පෙති 4500 ක් හා ජංගම දුරකථන හතරක් පොලිස් භාරයට ගෙන ඇත
දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ගබඩා කර තිබෙන ස්ථානයක් මොරගහහේන පොලිස් වසමේ ගෝනපොළ කුඹුක වත්ත ප්‍රදේශයේ නිවසක ස්ථාපිත කර තිබෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දින කීපයකට පෙර ලද තොරතුරකට අනුව අද (12) දහවල් එම නිවස වැටලූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙර වැරදි රැසක් තිබෙන පුද්ගලයන් බවත් ඔවුන් තිදෙනා වයස අවුරුදු 38,45 හා 46 අතර පසුවන්නන්ය
නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මත්ද්‍රව්‍ය දිසාව ,අධ්‍යක්ෂක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය , සහකාර අධ්‍යක්ෂක 3 , පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය ගාල්ලේේේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර , පොලිස් සැරයන් වරුන් වන 18261 ටිරොශන් ,66516 රංග , පොලිස් කොස්තාපල් වරුන්වන 32845 අතුල ,8075 සොයිසා ,11406 කුමාර ,94473 මදුෂාන් ,98107 මෙන්ඩිස් , 97089 ගෞතම් , 101269 රාජපක්ෂ මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
Kamal Koyrala Tuesday, 13 May 2025 11:49 AM
දැන් ආනයන මධ්‍යස්ථානය තිබෙන්නේ බන්ධනාගාරවලද?