
නැගෙනහිර ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වන අලියකු පහර දීමෙන් දින නවයක් තුළ පුද්ගලයන් 20 දෙනකු මිය ගොස් ඇති බව එරට නිලධාරීහු පවසති.
මෙම මස 1 දින සිට 9 දින දක්වා කාලය තුළදී බටහිර සිංභුම් ප්‍රදේශයේ ගම්වැසියන් 19 දෙනෙකු සහ වනජීවී නිළධාරියකු මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වනජීවී නිළධාරීන් ඩ්‍රෝන යානා භාවිතා කරමින් ලුහුබඳිමින් සිටියද පහරදීම් සිදුකරන අලියා තවමත් අල්ලා ගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
අලියා සොයා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් 100 කට වැඩි පිරිසක් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව එරට නිලධාරීන් පවසා ඇත.
"මෙය පෙර නොවූ විරූ තත්වයක්. කලාපයේ තනි අලියෙකු නිසා මෙවැනි මරණ සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි," යනුවෙන් එරට ප්‍රාදේශීය වනජීවී නිලධාරී කුල්දීප් මීනා පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එරට බලධාරීන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට මූල්‍යමය වන්දි ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
(හසිනි නවෝද්‍යා)
COMMENTS