IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


දන්ත විකෘතිතා ඇතිවන්නේ ඇයි?

පුද්ගලයකුගේ පෞරුෂත්වය තීරණය කිරීමෙහිලා නිරෝගිමත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඉතා වැදගත්වේ. එය අප සියලුම දෙනාගේ නිරෝගීභාවය පවා තහවුරු කෙරෙන  සාධකයකි. ඒ අනුව දත්වල ශක්තිමත්භාවය මෙන්ම පිරිසුදුභාවය, නිරෝගීභාවය ද ප්‍රමුඛ වේ. දත්වල පිහිටීම ගතහොත් පිළිවෙළ ප්‍රධාන වන අතර එසේ නොවන විට එනම් අපිළිවෙළට දත් පිහිටි විට දන්ත විකෘතිතාව යනුවෙන් නිර්වචනය කෙරේ. අපිළිවෙළට දත් පිහිටා ඇත්නම් එය දන්ත විකෘතිතාවකි. 

මෙසේ වන්නේ ඇයි? 

දන්ත විකෘතිතාවක් සඳහා විවිධ හේතු කාරණා බලපානු ලැබේ. එනම් මූලිකවම එය ජානමය තත්ත්වයක් විය හැකිය. එසේත් නැත්නම් උපතේ දී ඇති වූ අසාමාන්‍ය තත්ත්වයක් වීමටද පුළුවන. එනම් බෙදුණු තොල සහ තල්ල, සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලව පිහිටි දත්, ප්‍රමාණයෙන් කුඩාවට පිහිටි දත් හෝ මුඛයේ දත් අඩු වීම සහ අමතර දත් ආදිය පිහිටීම ආදී අසාමාන්‍යතා මතු විය හැකිය. 

ඒ වගේම දන්ත විකෘතිතා ඇති වීමේ තවත් කාරණාවක් ලෙස අපේ ඇතැම් වැරැදි පුරුදු පවා ඉවහල් වන බවට ඔබ දැනුම්වත් ද? එනම් ඇඟිලි ඉරීම, සූප්පුව දිගු කලක් මුළුල්ලේ සිටම ඉරීම එම වැරැදි පුරුදු අතර වේ.

මෙකී පුරුදු ද්විත්වයම ස්ථිර දත් මෝදු වීමෙන් පසුද සිදු කිරීම දන්ත විකෘතිතාවක් හට ගැනීමට ප්‍රබල ලෙස දායක වේ. එවගේම නියපොතු කටින් සැපීමේ වැරැදි සහ අප්‍රියජනක පුරුද්ද දිගුකල් කරගෙන යාම තුළ ඔබ දන්ත විකෘතිතාවකට මඟ පාදා ගනු  ලබයි.

තවත් හේතු සඳහන් කළහොත් මුඛය සහ හණු ආශ්‍රිතව සිදු වූ හදිසි අනතුරු තත්ත්වද ඉවහල් වේ. ඒවගේම දත් ආශ්‍රිත පටකවල හට ගන්නා අසාමාන්‍යතා නිසාද දන්ත විකෘතිතා ඇති විය හැකිය. එනම් ප්‍රමාණයෙන් විශාල දිව (macroglossla), කෙටි උඩු තොල – සම්පූර්ණයෙන්ම විදුරුමසින් වෙන් නොවූ උඩු තොල (high frenal attachment) වැනි අසාමාන්‍යතා සඳහන් කළ හැකිය. 

අපිළිවෙළට පිහිටි දත් හඳුනා ගනිමු

දන්ත විකෘතිතා හඳුනා ගැනීම ඉතාම පහසුය. ඒඅනුව කෙනකුගේ මුඛය දුටු පමණින්ම මෙබඳු විකෘතිතා ඇස ගැටේ.  එනම් දෙතොල් අතුරින් ඉදිරියට නෙරා ආ දත්, දත් අතර ඇති හිඩැස්භාවය, අක්‍රමවත්ව පිහිටි ඇද වූ දත්, උඩු ඇන්දේ ඉදිරිපස පිහිටි දත්වලට වඩා ඉදිරියෙන් යටි ඇන්දේ ඉදිරිපස දත් පිහිටා තිබීම, උඩු සහ යටි ඇඳිවල දත් නිවැරැදි ලෙස එකට හමු නොවීම, උඩු සේම යටි හනුවේ ඉදිරිපස දත් දෙපළ ළං කිරීමට නොහැකි වීම යනාදි සාධක දත් අපිළිවෙළට පිහිටීම අඟවන ප්‍රධාන ලක්ෂණ වේ.

තවද පුද්ගලයකු සිනහසෙන විට දන්ත විකෘතිතා ඇත්නම් ඒවා පහසුවෙන්ම දැක බලා ගත හැකි තවත් අවස්ථාවකි. මෙවැනි පුද්ගලයන් බොහෝ විට සිනා සෙන්නේ දත් පිටතට නොපෙනෙන පරිදි දෙතොල් තද කරගෙන හෝ අතින් මුඛය වසාගෙනය. දන්ත විකෘතිතා ඇති පුද්ගලයන් අතර මෙවැනි ලක්ෂණ ඉතාම සුලබය.  

දන්ත විකෘතිතාවක බලපෑම

දන්ත විකෘතිතාවක් ඇති පුද්ගලයකු මූලිකවම සමාජය හා ගැටෙන්නේ ඉතා අඩුවෙනි. සමාජයේ සෙසු පුද්ගලයන්ගේ උසුළු විසුළුවලට ලක් වීමෙන් තම ආත්මාභිමානය වුව ද හීන වී යා හැකිය. සෙසු පාර්ශ්ව ආදියෙන් තමාට ඇති පිළිගැනීම මෙන්ම අඩු තක්සේරුව සමාජය හා උරිනුර ගැටීමට ඇති ප්‍රධානතම බාධකයකි. එබැවින් මානසික සුවතාව පවා ගිලිහී යා හැකිය. මෙබඳු තත්ත්වයකට ගොදුරු වූවකුගේ පෞරුෂත්වයට ඉන් සිදුවන බලපෑම කෙතෙක් ද යන්න ඔබට සිතා ගත හැකියි නේද? 

ඉහතින් සඳහන් කළ සමාජයීය හේතු හැරුණු කොට කථන අපහසුතා මතු වීම, ආහාර විකීමේ දී දැනෙන දැඩි අපහසුතාව, දත් පිරිසුදු කිරීමට ඇති බාධා ද සඳහන් කළ හැකිය. 

ප්‍රතිකාර සඳහා යොමු වීම

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල්වල විකලාංග දන්ත වෛද්‍ය සායන (Orthodontic Clinic) ක්‍රියාත්මක වේ. මෙම සායන විශේෂඥ විකලාංග දන්ත වෛද්‍යවරුන් යටතේ පැවැත්වෙන අතර පළපුරුදු දන්ත වෛද්‍යවරුන් හරහා ඊට යොමු විය හැකිය. බොහෝ දුරට ශික්ෂණ රෝහල්, පළාත් සහ දිස්ත්‍රික් මහ රෝහල්වල පවා විකලාංග දන්ත සායන පැවැත්වේ. 

පෞද්ගලික අංශය යටතේ නම් සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරු යටතේ සංකීර්ණ නොවන ප්‍රතිකාර ක්‍රම පවතී. එසේම විකලාංග දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු යටතේ සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම පවා පවතී. 

ප්‍රතිකාර ක්‍රම

රෝගියාටම පැළැඳීමටත්, ගැලවීමටත් පහසුවන පරිදි  විකලාංග දන්ත උපාංග හඳුන්වා දීම
දත්වලට ස්ථිරව සවිකළ උපාංග (Braces)

මීට අමතරව වඩාත් සංකීර්ණ විකෘතිතා සඳහා හණු හා මුහුණ ආශ්‍රිත සැත්කම් පවා පවතී. 
විකලාංග දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා වයස් භේදයක් බලනොපාන අතර අවුරුදු 08 සිට 60,70 දක්වා වූ ඕනෑම පුද්ගලයකුට ප්‍රතිකාර ලබා ගත හැකිය. 

විශේෂ මතක් කිරීමක්....

දන්ත විකෘතිතාව මුල් කාලයේ දී හඳුනාගෙන නොපමාව ප්‍රතිකාර සඳහා යොමු විය යුතුමය. එවිට අනාගතයේ දී සංකීර්ණ සැත්කම් සිදු කිරීමේ අවශ්‍යතාව අවම කර ගැනීමට පිළිවනි. ඉතා හොඳින් සේම නිවැරැදි මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමෙන් දන්ත විකලාංග ප්‍රතිකාර කිරීමට පහසු වනවා පමණක් නොව සාර්ථක වීමේ ශක්‍යතාව පවා වර්ධනය කර ගැනීමට හැකිය. 

දන්ත විකෘතිතා වළක්වා ගැනීම

දන්ත විකෘතිතා වළක්වා ගැනීමට අප මූලිකවම කළ යුතු වන්නේ අයහපත් පුරුදු වළක්වා ගැනීමයි. ඒ වගේම කිරිදත් නියමිත කාලයට හැළී යන තුරු රැක ගැනීමටත් අමතක නොකරන්න.

සාමාන්‍යයෙන් වසරකට වරක්වත් ඔබ පළපුරුදු දන්ත වෛද්‍යවරයකු හමු වී දත් පරීක්ෂා කර ගත යුතුය. එවිට ඔබට නිරෝගිමත් දත් දෙ​පළක්, යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උපදෙස් සහ අවැසි නම් ප්‍රතිකාර පවා ලබා දෙනු ඇති. යම්හෙයකින් ඔබට දන්ත විකෘතිතාවක් ඇත්නම් ඒ සඳහා විකලාංග දන්ත ප්‍රතිකාරවලට නොපමාව යොමු වීමේ වාසිය පවා ලබා ගත හැකිය. මෙවැනි සායනවලට යොමු වීමේ දී ඔබ අනිසි බියක් ඇති කර ගත යුතු නොවේ. මන්ද ඉහළ තාක්ෂණික සහ නවීන වෛද්‍ය විද්‍යාත්මක දැනුමින් සහ පහසුකම්වලින් අපේ රටේ විකලාංග දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය සමන්විත බැවිනි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

දන්ත විකෘතිතා ඇතිවන්නේ ඇයි?

පියුමි Saturday, 04 February 2023 11:21 AM

දත් ඉස්සරහට ආපුවා සැත්කමක් මාර්ගෙන් වෙනස් කරන්න පුලුවන්ද.එහෙම් සැත්කමකට කීයක් විතර යනවද.?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 874 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site