
(මනෝප්‍රිය ගුණසේකර)
අප්‍රමාදීව වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු කරදීම වෙනුවෙන් මුල්‍ය ආයතන ඇතුළු මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට පැමිණී ජනතාවගෙන් එක් දිනක් තුළ අල්ලස් වශයෙන් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් ඉල්ලා ලබාගත් බව කියමින් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙකු ලබන මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (23) නියම කළය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට අමතරව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේම සේවය කරන බව කියන සහකාර කළමණාකාරවරු දෙදෙනෙකී.
අල්ලස් කොමිසමට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරු වලට අනුව කාලයක් තිස්සේ කළ ආවේෂණ කටයුතු වලින් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අද (23) පස්වරුවේ කළ හදිසි වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
වාහන මිලදී ගැනීමේදී ‘ලීසින්’ පහසුකම් ලබාගැනීමට අවශ්‍ය වු විට වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු අප්‍රමාදීව කරදීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නිලධාරී්න් රාජකාරී කටයුතු කරගැනීම සඳහා එහි පැමිණෙන මහජනතාවගෙන් සහ මුල්‍ය ආයතන වලින් නිරන්තරයෙන් අල්ලස් ලබාගෙන පසුව ඒවා එහි සේවය කරන සිය`ථ දෙනා අතර සමසේ බෙදා ගන්නා බවට අල්ලස් කොමිසමට ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව කාලයක් තිස්සේ ආවේෂණ කටයුතු කර ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි ලොක්කත් ඔහොම තමයි ... මොවුන් උපයාගෙන ඇති මුදල් ගණන් කළ හැකිද? සියලු කොමසාරිස්වරු චෙක් කරන්න.
ලංකාවේ ඉන්න නොම්මර එකේ හොරු සෙට් එක තමා රජයේ සේවකයෝ... අඩු වැඩි වශයෙන් බහුතරය මේ වගේ තමයි..
ඕක පට්ට හොර ගුහාව. අල්ලලා උපරිම දඬුවම් දෙන්න ඕනේ...
අල්ලස් දෙපාර්තමේතුවට ස්තුතියි..!
දිනකට ලක්ෂ 40 ක් නම් වසරකට වැඩකරන දින 250 x මිලියන 4 = මිලියන 1000 ක්. අදාළ නිලධාරින්ගේ සහ පවුල්වල බැංකු ගිණුම් පරීක්ෂා කලොත් අල්ලා ගන්න පුළුවන්. වැටලීම් කළ අයට ජාතියේ ප්‍රණාමය...!
අලුත් ධනවතුන් බිහිවුණේ මෙහෙමයි, එම නිසා ලොකු පුටුවල ඉන්නේ... බැංකු ගිණුම් පරික්ෂාවට ලක්කරන්න.
කස්ටම් එකේත් ඕකම වෙනවා. කන්ටේනර් රිලිස් කරන්න එකකට ලක්ෂ 10 ක්ලු.
දේශපාලුවන්ට හපන් නිලධාරින් ඉන්න රටක් මේක... අල්ලස් කොමිසමට ජාතියේ ප්‍රණාමය. සැකකරුවන්ට අධි චෝදනා ගොනු කරන තුරු ඇප ලබා නොදිය යුතුයි.
ඉස්සර හිටපු ආණ්ඩුවල මැති ඇමැතිලා මෙහෙම නිලධාරීන් එක්ක තමයි ආශ්‍රය කළේ..
මේවාට වැඩිය අල්ලස් තියෙන්නේ පාසල් වල... විශේෂයෙන් පළමු වසරට ළමයි ඇතුළත් කිරීමේදී. පාසල් සංවර්ධන සමිති සහ ආදිශිෂ්‍ය නමින් අටවාගත් එක එක සමිති මගින් එක එක දේවල් කියා දෙමාපියන්ගෙන් සල්ලි ගසා කනවා. සමහරක් කොළඹ සහ ජනප්‍රිය පාසල් වල මේක හොඳටම තියනවා. ලක්ෂ 20,30 විදුහල්පති විසින් ඉල්ලා සිටිනවා. අර ගොඩනැගිලි හදන්න මේක වැඩේ කරන්න කියලා. බොරු බිල් දාලා ගිණුම් හදලා සල්ලි ටික බෙදා ගන්නවා. මේක වහාම නතර කර යුතුයි.
හොඳ වැඩක්... ජාතියේම ප්‍රණාමය ඔබ සැමට...
මේ විදියටම රේගුවේ කාක්කෝ ටිකත් අල්ලනවා නම්? ඒගොල්ලෝ මුලින්ම කරන්නේ පිටරටින් එන බඩු පෙට්ටිය ඇරලා බලලා මේකට ලක්ෂයක් විතර ටැක්ස් එක ගහන්න වෙනවා කියනවා. ඉන්පස්සේ ගෝලයෙක් එවනවා කීයක් කිව්වද මහත්තයා... කතාකරලා අඩු කරගන්න බලන්න කියාගෙන. ගෝලයා අතේ ගාණක් යැව්වොත් ටැක්ස් එක අඩුවෙන් හදනවා. දෙනපාටක් නැතිනම් මහත්තයා ආන්ඩුවෙන් දෙන කොමිස් මුදල උපරිමෙන් එන විදියට බද්ද අයකරනවා. මුලින් බයකරන්න කියපු ගානට අඩුවෙන්. ආපසු යද්දී ලොක්කා කථා කරලා බටර් පාරකුත් ගානවා. ඔන්න ටැක්ස් එක අඩු කරලා දුන්නා කියලා. නමුත් කෑල්ලෙන් කෑල්ලට අයකරපු ගනන්, ගණනය කරපු විදිය අඩන්ගු ලදුපතක් මලාට දෙන්නේ නැහැ... පසු කාලෙක ඒ භාන්ඩෙටම වෙනත් කෙනෙකුගෙන් දෙන කුට්ටිය අනුව වෙනත් ගණනක් අය කරන නිසා. මේ බොරු නම් ට්රයිකෝ ගුදමට ගිහින් බලන්න. එතැනට කිසිම කෙනෙක් එක්ක යන්න දෙන්නෙත් නැහැ සී අයි ඩී කාරයෝ එක්ක එයි කියලා බයට. කට්ටිය ඉන්නේ නම් ටයි දාගෙන සීතල කාමරේක විරාජමානව. භාන්ඩයක් ගෙන්නන්න කලින් ඒකට අය කරන බද්ද, එච් එස් කෝඩ් එක සහ ගණනය කළ ක්‍රමය දැනගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්නටවත් බැරිද? අන්තර් ජාලයේ ඇති බදු තොරතුරුද සංශෝධන පෙළක් පමණයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සුලු සේවකයා පටන් ඉහළම නිලධාරියා දක්වා ගෑනු පිරිම් බේදයක් නැතිව ඉන්නේ ජරාව කන එවුන්. කාලාන්තරයක් තිස්සේ පගාව ගැනීම කරගෙන ගිය හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා...
හැමෝම දේශපාලකයෝ කරන හොරකම් ගැන වද වුණාට ඇත්තටම සියයට 95 ක්ම රජයේ මුදල් හොරකම් කරන්නේ මේ වගේ අය. ලංකාවේ ගොඩාක් අයට ගණිතය බෑ. ඒක නිසා හරියටම ප්‍රශ්ණය තියෙන්නේ කොහේද කියලා තේරෙන්නේ නෑ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පමණක් නොවේ, ආගමන විගමන, හැඳුනුම්පත්, රේගු, ආදායම් බදු වැනි දෙපාර්තමේන්තුවලත් පගා ගැසීම සිදු කරන්නේ ඔය විදිහට සමුපකාර ක්‍රමයට, මම හිතුවේ නැහැ මේ ගොල්ලන් මේ විදිහට අල්ලාවි කියලා..., මේවා තුළ ක්‍රියාත්මක වෙන්නේ JVP වෘත්තීය සමිති, ඔය මහාපරිමාණ අල්ලස් සංවිධානය කරන්නේ මේ ගොල්ලන්...!