(යොහාන් භාසුර)
මෙම මස පළමු දින හතර තුළ පමණක් සංචාරකයින් 11,535 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙරටට සංචාරකයන්ගේ පැමිණිම යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ මස 2 වැනිදා පමණක් සංචාරකයින් 3,335 ක් පැමිණි බව ද සඳහන් කළේය.
‘කොරෝනා’ වසංගතය තිබියදී පසුගිය වසරේදී මෙරටට සංචාරකයන් 1,94,495 දෙනෙකු පැමිණි ඇති බවත් පසුගිය මාසයේදී පමණක් සංචාරකයන් 82,327 ශ්‍රී ලංකාවට පැමිණි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුගෙඩි ගණන්, "එක ට්කට් එකට දෙදෙනෙකු" සංකල්පයට, බජට් සංචාරකයින්ගෙන් රටට...
ඇමැතියාට සංචාරකයින් ආව ගාන බලනවා මිසක් වෙන වැඩක් නැතුව ඇති...
මේ උන්නැහේගේ ඇමැති පට්ටම දැන් ලංකාවට එන සුද්දන් ගණන් කරන තැනට වැටිලාද? පව් අප්පා මොන මොන දේ කළත්, කීවත් කාගේ වුණත් පුතෙක්නේ...
අපි ආසියාතිකයින්ට වඩා යුරෝපීය සංචාරකයින් ගෙන්වා ගැනීමට උත්සාහ කළ යුතුයි..
ඔය ගණන කුඩා දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනට දිනකට පැමිණෙන පිරිසටත් වඩා අඩු අගයක්...
සංචාරකයින් එනවා නම් අපි කවුරුත් සතුටු විය යුතුයි. සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියා කරන අයටත් යම් සෙතක් සැලසේවි. දුකට පත්වී සිටින අයට සහනයක්..
ගණන් කරේ රෝසි අක්කාද?