
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී.එම්. වීරසූරිය මහතා පැවසීය.
වාන් දොරටු දෙක විවෘත කිරීම හේතුවෙන් මේ වනවිට දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 1400 ක ජල පරිමාවක් මුදා හැරේ.
මෙම තත්වය දැදුරුඔය ජලාශය පහළ ප්‍රදේශවලට කිසිම අයුරකින් ගංවතුර තත්වයක් නොවන බවද ඉංජිනේරුවරයා කීය. දැදුරුඔය ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 60000 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd