IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දඬුවම් නියම වුණත් මරන්න එපා

(විමුක්ති එස් රුද්‍රිගු)

මරණ දඬුවම ලබා දීම වහාම අත් හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේටය සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කර ඇත.

එසේ මරණ දඬුවම ලබාදීම අත්හිටුවා දැනට මරණ දඬුවම ලබා දීම අත්හිටුවා හෝ නවතා දමා ඇති රටවල් 170 කට වඩා වැඩි සංඛ්‍යාවට එකතු වන ලෙසද කුවේටය සහ සිංගප්පූරුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

පසුගියද කුවේටය සිරකරුවන් 5 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර එම සිරකරුවන් 5 දෙනාට ශ්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද අයත් විය.

එසේම සිංගප්පූරුවද සිරකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දුන් අතර වසර 20 කට ආසන්න කාලයකදී මරණ දඩුවම ලබා දුන් ප්‍රථම සිංගප්පූරු කාන්තාවද ඒ අතර සිටියාය.

 



අදහස් (6)

දඬුවම් නියම වුණත් මරන්න එපා

de silva Sunday, 30 July 2023 02:27 PM

මරණ දඬුවම නියම වුණත් පාර්ලිමේන්තුවට ගේන්න... ජනාධිපති සමාව දෙන්න. මරණ දඬුවම නියමවුණු පාතාල නායකයින්ට ජංගම දුරකථනය බැගින් දෙන්න. ඔවුන්ගේ කප්පම්, කුඩු බිස්නස් හිරේ ඇතුළේ ඉඳගෙන යන්න උදව් කරන්න. ලංකාවෙන් ඉගෙන ගන්න.

:       2       47

රටවැසියෙක් Sunday, 30 July 2023 03:54 PM

අනේ ඇත්තටම අපේ රටේ මේ නීතියට වෙලා තියෙන දේ. උසාවියෙන් දඬුවම් දීපුවාම දේශපාලකයින් නිදහස් කරගන්නවා. පොල් හොරු නෙමෙයි මිනී මරුවෝ, කුඩු මුදලාලිලා, පාතාලේ ලොක්කෝ... පොල් ගෙඩියක් හොරකම් කරපු අසරණයින්ට ජනාධිපති සමාවක් තියා ග්‍රාමසේවකගෙන්වත් සමාවක් නෑ. ඒකට උපරිම දඬුවම් ලැබෙනවා. මේවා වෙනස් කරන්න පුළුවන් කෙනෙක් රටේ මීළඟ ජනාධිපති කරමු. කවුද ඉන්නේ..?

:       3       25

Bamunuarachchi Monday, 31 July 2023 01:46 AM

ඕක වෙනස් කරන්න පුළුවන් අය මේ රටේ නැහැ. දැන් ජනාධිපති වෙන්න හදන්නේ තුන්ඩු කෑල්ලෙන් රට අකර්මන්‍ය කරපු තමන්ට විරුද්ධයි කියලා හිතුණු කෙනා පාරේ නිර්වස්ත්‍රව දණගස්වා ඔළුවට වෙඩි තියා මරාදමපු බැටළු හම පොරවාගෙන ජනාධිපති බලය ඉල්ලන වෘකයින්...

:       1       2

G. K. Ekanayake Sunday, 30 July 2023 11:48 PM

මරණ දඬුවම නොමැති නිසා නිදහසේ ක්‍රියාත්මක වන කුඩු ජාවාරම්, ස්ත්‍රී දුෂණ සහ මරණ ආදිය පිලිබඳව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සංවිධාන වගකිවයුතුයි.

:       0       3

Bamunuarachchi Monday, 31 July 2023 12:49 AM

මැදපෙරදිග රටක මරා දැමීම අපරාධකරුවන්ට කරන සෙතක්.... මරා දැමීමේදී වේදනාව තප්පර ගණනක එකක්... බරපතල වැඩ සහිතව ජීවිත කාලයට හිරගෙට දැමීම අපරාධකරුට ජීවිත කාලයම විඳවන්න සැලැස්වීමක්. ලංකාව වැනි රටක සිදුවිය යුත්තේ මරා දැමීමයි. නැතිනම් අපිට අපරාධ කරුවන් ඔවුන්ගේ ජීවිත කාලයේම නඩත්තු කිරීමටයි.

:       0       4

Senarath Monday, 31 July 2023 08:58 AM

උගත් විනිසුරුවරුන් ගෙ සහ අනෙකුත් කර්‍රයමන්ඩල වල කාලය විනස නොකර එ දඩුවම ක්‍රියත්මක වෙන්න ඉඩහරින්න. එහෙම නොකර දරුනු අපරදකරුවො සහ කුඩු කරයන්ට ඔනෙ විදියට රටෙ ජනතව මරාදමන්න හෝ වින් කරන්න ඉඩ දෙන්න එපා. මැරෙන අහිංන්සක මිනිස්සුන්ගෙ ජීඑවිතවලට සහ එ පෞල්වලට කවුද සාදාරනය කරන්නෙ ඔය රවල් 170 ද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site