(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර ඇති දැඩිසත්කාර ඒකක ඇඳන් 215න් දැනට ඉතිරිව ඇත්තේ ඇඳන් 25ක් පමණකැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව දැඩිසත්කාර ඒකක ඇඳන් 215න් ඇඳන් 190කම රෝගීන් සිටින බව පැවසූ හම්දානි මහතා මෙම දැඩි සත්කාර ඒකක මුළු ඇඳන් ප්‍රමාණයට රාජ්‍ය අංශයේ ඇඳන් 189ක් සහ පෞද්ගලික අංශයේ ඇඳන් 26ක් ඇතුළත් වන බවද පැවසුවේය.
කෙසේ වෙතත් තවත් දැඩි සත්කාර ඒකක ඇඳන් සූදානම් කිරීමට හැකියාව පවතින බවද හෙතෙම සඳහන් කළේය.
පවතින තත්වය තේරුම් ගෙන ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව කැමැත්තෙන් එළියේ යනවා නෙමෙයි. රැකියාවට තමයි යන්නේ.. ලොක්ඩවුන් කරපල්ලා...
නිසි වෙලාවට එන්නත් ඇනවුම් කරන්න කිව්වාම ඕනේ නැහැ කිව්වා .අමන පාලකයන්ගේ වැඩ නිසා මිනිස්සු විඳවනවා
ඇමති විමල් හදපු අයි.සී.යූ ඇඳන් කෝ? ඔක්කොම බොරු මාධ්‍ය සංදර්ශන විතරයි. එකෙක් ,හරි වැඩක් කරන්නේ නෑ.
මුන්ව චන්දෙ දීලා පත් කරපු එවුන්ට දැන් සනීපද .අයියෝ නන්දෙ
වැඩකරන විරුවා යයි සිංදු කියපු අය කෝ? මාර ඇන්දිල්ලක් ඇන්දුවේ...