
(වසන්ත චන්ද්‍රපාල)
පවතින ගංවතුර තත්වය සමග දිඝවාපි පුදබිම ජලයෙන් වටවි තිබෙන බව දිඝවාපි විහාරාධිපති මහඔය සෝභිත හිමියන් පැවසිය.
දැනට විහාරස්ථානය වටා සහ එන මාර්ගය දේවාලය ඉදිකරන චෛත්‍යය වටා වතුර එක්රුස්වි තිබේ.
නමුත් ස්වාමින් වහන්සේලා වැඩ සිටින ආවාස ගෙය ජලයෙන් වටවි නොමැති බවද උන් වහන්සේ පැවසිය.
දැනට විහාරස්ථානයේ නායක හිමියන් ඇතුලු පස් නමක් වැඩ සිටින අතර ගංවතුර තත්වය මත උවද දානය විහාරස්ථානයට ලැබෙන බව ද උන් වහන්සේ පැවසිය.
දීඝවාපි විහරාස්නායේ ඇති පොලිස් මුරපොල ජලයෙන් යටවි ඇති අතර සතර මහා දේවාලය සහ බෝධියේ කොටසක් ජලයෙන් යටවි තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉක්මනින් මේ තත්වය පහව යන්න කියලා ප්‍රාර්ථනා කරනවා