
(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද ඉමදූව ජි.ඩබ්ලිව් ප්‍රේමතිලක ද සිල්වා)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කරන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බැව් ඉමදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ටිකට් කවුන්ටරයේ සේවකයෙකුට හා පරිඝණක අංශයේ සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බව පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇත.මොවුන්ගේ ආශ්‍රිතයින්ද මේ වන විට පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇත.
මෙම තත්වය නිසා දැනට ඉමදූව හුවමාරු මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වි ඇති අතර කොක්මාදුව පිවිසුම භාවිතා කරන ලෙසට දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතා කරන වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටිති..





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd