
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12.5 බද්දේගොඩ ප්‍රදේශයේ පස් කන්දක් නායයාමට ලක්ව තිබේ.
ගැලනිගම සහ කහතුඩුව අතර කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ වම්පස පස්කන්දක් නායයාමට ලක්ව ඇත. එම නාය යාමෙන් පැති බැම්මකට හානි සිදුවී තිබේ.
නායයාමට ලක්වූ පස් ඉවත් කිරීම සඳහා ආරක්ෂිත පියවරක් අනුගමනය කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි .
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධාවක් වී නැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"චීනයේ නිෂ්පාදනයකි" නේ...!!!
සම්පූර්ණ මාර්ගයම කණු උඩ යවන්න පුළුවන් තරමට ඇස්තමේන්තු හදලා අන්තිමට මහා පස්කඳු, වෙළවල්, ගල්කඳු හිඳෙනකම් කපලා ඒ උඩ හැදුවා. අන්තිමට ගංවතුරවලට යටවෙනවා සහ පරිසරය විනාශ වුණා. බිලියන ගණන් ගසාත් කෑවා...!!!
අයියෝ මේක සුළු නාය යාමක්නේ... !!!
සම්පූර්ණයෙන්ම ලාංකීය ඉංජිනේරුවන්ගේ නිර්මාණයක්... පළමුව මන්ත්‍රී දෙකකට නිමාකර පසුව 4 දක්වා වැඩි කළා... මෙතැනදී තම තාක්ෂණික ප්‍රශ්න ඇතිවුණේ මුදල් නැතිකම නිසා වසර ගණනාවක් ඉදිකළා.