(ආරියරත්න රණබාහු)

ප්‍රවීණ දැන්වීම් නිර්මාණ ශිල්පියකු ප්‍රහසන කතෘ සහ තීරු ලිපි  රචකයකු වූ හරිත් ගුණවර්ධන මහතා ඊයේ (28) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට හෙතෙම 55 වන වියේ පසුවිය.

සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන ගුණවර්ධන මහතා ඊයේ උදෑසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පැවසේ.