IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


තිස්ස අත්තනායකගේ නඩුවට දින දෙයි

(රෝෂන් තුෂාර)

සමගි ජන බලවේගය පක්ෂ සාමාජික  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක   සිදුකළ අසත්‍ය ප්‍රකාශයකින් සිය කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 100ක වන්දියක්  ඉල්ලා ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය වරිය ගොනු කළ නඩුවේ  පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය  දෙසැම්බර් මස 2 දා සිදුකිරීමට කොළඹ අතිරේක දිසා  විනිසුරු යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා  දින නියම කළේය.

නඩුව  කැඳවූ අවස්ථාවේදී  වගඋත්තරකාර  පාර්ශ්වය විසින්  විරෝධතා ගොනු කිරීමෙන් පසුව මෙසේ දින නියම කළේය.

2024.අගෝස්තු.19 දින මාවනැල්ල ප්‍රදේශයේ පැවැති සමඟි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ දේශපාලන  රැලියක් අතරතුරදී ජාතික ජනබලවේගය පක්ෂ රජයක් පිහිට වූ පසු ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම නවත්වන බවට සිදුකළ අසත්‍යය  ප්‍රකාශය මගින් අගතියක් හා අපකීර්තියක් සිදුවූ බවට ප්‍රකාශ කරමින් මෙම වන්දි නඩුව   සමඟි ජනබලවේග පක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක  ,පුද්ගලික ගුවන් විදුලි   සමාගමක් වගඋත්තර කරමින් ගොනුකොට තිබිණ.

  ප්‍රධාන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක සිදුකළ මෙම අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තමන් පොදු ජනතාව ඉදිරියේ අවමානයට, අපවාදයට, ලැජ්ජාවට හා පිළිකුලට ලක් කිරීම වග උත්තරකරුවන්ගේ අරමුණ වී ඇති බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මඟින් කරුණු ඉදිරිපත් කර ඇත.

හිටපු මන්ත්‍රීවරයා සිදුකර ඇති එම අසත්‍ය ප්‍රකාශය එක්තරා රූපවාහිනී නාලිකාව ප්‍රවෘත්ති විකාශනයේ දී ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස විකාශනය කළ බව හා එම නාලිකාවේම පත්තර විස්තර වැඩසටහන මඟින් පසුදින එය නැවත ප්‍රමුඛතාවයක් ලබා දී ප්‍රචාරයක් කළ බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මඟින් අධිකරණයට පවසා තිබෙනවා.


 

 



අදහස් (0)

තිස්ස අත්තනායකගේ නඩුවට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site