
(කේ බුද්ධික කුමාරසිරි)
වැල්ලම්පිටිය සාතම්වත්ත ප්‍රදේශයේදී නිවසකට ඇතුළු වූ පිරිසක් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් අද (27) උදෑසන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් සාතම් වත්ත, ඔරුගොඩවත්ත පදිංචිව සිටි පුද්ගලයෙකි.
නිවසට පැමිණි නාදුනන පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇත. මිය ගිය පුද්ගලයා තාවාකාලිකව අදාල නිවසේ පදිංචි වී සිට ඇති බව ද පොලිසිය පවසයි
අදාල නිවසේ හිමිකාරිය මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවූ විරසකයක් හේතුවෙන් මෙම ඝාතනය කර ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd