
(තිලකරත්න දිසානායක)
බෙම්මුල්ල ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන අයකු සතු රුපියල් කෝටි තුනකට අධික දේපළක් සිය බාරයට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී එම පුද්ගලයාගේ නිවසේ තිබූ මගී ප්‍රවාහන බස්රථ දෙකක් , කුඩා ලොරි දෙකක්, ත්‍රී රෝද රථයක් , යතුරු පැදි පහක් සහ අගල් 65 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයක් අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
නීති විරෝධීව උපයාගත් දේපල බවට සැක කෙරෙන මෙම රථ වාහන සහ ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි තුනකට අධික විය හැකි බවත් පොලීසිය සඳහන් කරන අතර මෙම දේපල අයත් බව කියන පුද්ගලයා සහ බිරිද ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්වානේ තහවුරු නොවූ බංගලාවක් තියනවා. ඒ වත්කමත් ඔය ගමන්ම ඇල්ලුවා නම්...!
රාජපක්ෂලාගේ ගිණුම් පරික්ෂා කළා නම් IMF එකට ණය දෙන්න තිබුණා..