(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තවුහිත් ජමාත් සංවිධානයේ පල්ලිවලදී දේශන පැවැත් වූ බව කියන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු මුන්දලම මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදී යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකු බවත් මොහු අග නගරයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන බවත් පොලිසිය කියයි.
සැකකරුගේ නිවස පරීක්ෂාකිරීමේ දී සිම් කාඩ් පත් 18 ක්, ලැප්ටොප් පරිගණක දෙකක්, අයි පෑඩ් එකක් සමඟ සැකකරු භාවිත කළ ජංගම දුරකථන දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉගෙන ගත්තේ මොනවද කියලා හිතෙනවා..