(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ තවත් නගර හතක කඩ සාප්පු එම නගරවල වෙළෙඳ සංගම් විසින් වසා දමනු ලැබීය.
කොවිඩ් අවදානම හේතුවෙන් මෙසේ කඩ සාප්පු වසා දමා ඇති නගර වන්නේ තංගල්ල,බදුල්ල, බලංගොඩ, වලපනේ,බණ්ඩාරවෙල,ඇඹිලිපිටිය සහ මාතලේ යටවත්ත යේලක්කරයයි.
එම නගරවල වෙළෙඳ සංගම් ගත් තීරණ අනුව වෙළෙඳ සල් හිමියෝ සිය කඩසාප්පු ස්වෙච්ඡාවෙන්ම වසා දැමීමට පියවර ගත්හ.
කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ නගර නවයක කඩසාප්පු මෙයට පෙර වසා දැමිණ.
මීට පෙර කඩ සාප්පු වසා දැමුණු නගර වන්නේ ගම්පහ අම්බලන්තොට අම්බලන්ගොඩ මරදගහමුල, වේයන්ගොඩ දංකොටුව,සේරුනුවර,පලාපත්වල සහ උල්පතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, අපිම වසාගමු. අපි ලොවටම අපගේ් වගකීම්.., දේශපාලනයෙන් තොරව ඉටුකරන මාර්ගය පෙන්වමු.
පාලකයින්ට හරිහැටි කරුණු වටහාගන්නට නොහැකි වුණාට, මෙසේ මිනිසුන් හැසිරීමෙන් පෙනීයන්නේ රජයක් කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය පලුදු වී ඇති බවයි. එසේ විශ්වාසය පලුදු වීම සුබදායක දෙයක් වෙන එකක් නැහැ. වගකිවයුතු රජයක් නම්, නිසි තීන්දු තීරණ කලට, වෙලාවට ගෙන රට පාලනය කළ යුතුයි.
වෙළඳ සංගම් බුද්ධිමත් ලෙස කටයුතු කරනු පෙනේ. වෙළඳ සංගම් වලට සම්බන්ධ නැති කීල්ස්, කාගිල්ස් එහෙමත් වහලාද? කෙසේ වෙතත් වෙළඳුන් මේ රටේ පාලකයින්ට වඩා බුද්ධිමත්.