(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 793 කු පසුගිය පැය 24ක කාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එයින් වැඩිම පිරිස වූ 161 දෙනකු මාතලේ ප්‍රදේශයෙන් ද ,නිකවැරටියෙන් පුද්ගලයන් 110 ක් ද කුලියාපිටිය ප්‍රදේශයෙන් පුද්ගලයන් 52 ද ක් වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 16386 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් නැවිල්ලක් මාධ්‍ය ප්‍රකාශක තුමෝ "නීතිය හරියට කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක් " ඔබතුමා ඔය පරීක්ෂණ ආරම්භ කලා වෙගේ සංදර්ශන දාන්නේ නැතිව මේකට නිතිය ක්‍රියාත්මක කලොත් මම බොරැල්ල හන්දියේ ඇදුම් නැතිව ඉන්නවා
ජොගින් කරපු එකීවත් මේ එකතුවට අැතුළත්ද?
මෙයත් එක හුරතල් පොලිස් කාරයෙක් විතරයි. අරනීති කැඩූ පොලිස් කාන්තාවත් ඉන්නවාද ඇතුලේ.. ?
කොරෝනා වැඩ පිළිවෙළ අසාර්ථකයි.. ගහක එක ගෙඩියක් නරක් වුණාම මුළු ගහම කපන්න... අපේ එවුන් මුලු රටම ලොක්ඩවුන් කරලා මුලු සමාජයම විනාශ කරනවා.