(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ (2023) පළමු මාස හතරේදී රුපියල් බිලියන 43.4 ක් හෙවත් රුපියල් කෝටි 4,340 ක ලාභයක් ලැබූ බව මුදල් අමාත්‍යංශය මෙම වසර මධ්‍යයේ නිකුත් කළ රාජ්‍ය මූල්‍ය තත්ව වාර්තාවේ සඳහන් වේ.
එම මාස හතරේදී බොරතෙල් ආනයනයට ඩොලර් මිලියන 277.1 ක් සහ ඛනිජ තෙල් ආනයනයට ඩොලර් මිලියන 1,009.3 ක් වැයකර ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව එම කාලය තුළ ආනයනය කළ පෙට්‍රෝලියම් නිෂ්පාදනවල සමස්ත අගය ඩොලර් මිලියන 877.35 ක් බවත් එම වාර්තා කියයි.
මෙම වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මාස දක්වා කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1,599.7 ක පිරිවැයක් දරා ඇති බවත් එය සමස්ත ආනයන වියදමෙන් සියයට 30 ක් බවත් එම වාර්තාව වැඩි දුරටත් හෙළි කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුවට ජය වේවා
මෙවා දැක්කහම මට තෙල් බලා ව මතක් වෙනව.
මිනිස්සුන්ට හොම්බෙන් යන්න තෙල් මිල නහුතට වැඩි කරල දැන් කෝටි 4,340 ක ලාභයක් කියල කියන්න මේ ආණ්ඩුවට විලි ලැජ්ජ නැද්ද??? මිනිස්සු අද එදා වේල කන්න නැතුව පොලොවෙ පස් කනව.
ඔහොමවත් ලාභයක් නොගෙන කොහොමද දියව් දියව් කිය කියා සෑම දෙයක්ම නොමිලේ බලාපොරොත්තු වන අයට සහන සලසන්නේ
අපේ රීරි මාංශය කාලා තොපේ ලාභ පෙන්නපල්ලා. බෙදා ගනිල්ලා
රටට බරක් නැතිව යන එක සතුටුයි .වැඩියෙන් තෙල් පුච්චන්නේ දුප්පතුන් නොවෙයි කෝරලගෙ
ලාබලබන එක පුදුමයක් නොවේ.. ලෝක වෙළඳපලේ තෙල්මිල පහළ යනකොට මෙහෙ පහළ යන්න මාස 3-4ක් ගතවෙනවා. වැඩි වුණොත් එක රැයක් තුළ වැඩිවෙනවා. හරියට මිල සුත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ජනතාවගේ පොකට් එකට විදිනවා. අපිත් බලාගෙන ඉන්නේ ඡන්දයක් එනතුරු...