
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේ ඉන්ධන හල් දෙකක පෙට්‍රල් ලබා ගැනිමට පෝලිම්වල සිටි පිරිස් අතර සිදුවු ගැටුම්මලින් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසයි කියයි.
ගැටුම් මඩලීම සඳහා යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවිමට සිදුව බව වාර්තා වෙයි.
පුත්තලම සිරම්භිඅඩිය ඉන්ධන හල අසල ඉන්ධන ලබා ගැනිමට පෝලිම්වල රැදි සිටි දෙපිරිසක් හා පුත්තලම සමුපකාර ඉන්ධන හල අසල පෙට්‍රල් ලබා ගනිමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම් ඇතිවි ඇති බව පොලිසිය පවසයි.
මෙම ගැටුම් වලින් එක් අයකු තියුණු ආයුධවලින් කැපිම් හා පහර දිම් වලින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd