
(අංජුල මහික වීරරත්න)
මාතර දෙවිනුවර දිගු රන්වන් දුඹුරු වැලි සහිත වෙරළ තීරයක් වන තලල්ල වෙරළ තීරය ජාත්‍යන්තර සහතික ලාභී නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තලල්ල වෙරළ තීරයේදී ආරම්භ කෙරිණි.
Clean Sri Lanka වැඩසටහන යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
අන්තර් ජාතික නිල්ධජ වෙරළ පාරිසරික සහතිකය යනු, ලෝකයේ වෙරළ තීර වල පාරිසරික සංරක්ෂණය, ජල තත්ත්වය, පාරිසරික දැනුවත් වීම, ආරක්ෂාව හා සේවා පිළිබඳ තත්ත්වය මත ලබාදෙන පාරිසරික සහතිකයකි. නිල්ධජ වෙරළ තීරයක් ලෙස මෙම වෙරළ තීරය සංවර්ධනය කරමින් සංචාරක ආකර්ෂණය ඉහළ නංවා, රටේ ආර්ථික වර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමෙහිලා මෙකී වැඩසටහන සුවිශේෂී දායකත්වයක් සපයනු ඇත.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර යන මහත්වරු සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි ඇස් පේන වගකිවයුත්තෙක්.. මේ රටේ හැම අස්ස්ක් මුල්ල්ක් නෑරම දාල තියෙන ප්ලාස්ටික් බෝතල් .පොලිතීන් කන්දරාව නවත්‍තන්න වැඩ පිලිවෙලක් සකස් කරන්නකෝ.. වතුර බෝතල් පැනි මීම බෝතල් කානු අස්සෙ දිය පාරවල් වල පාරවල දෙපැත්‍තේ..මේක මහා කේදවාච්කයක්.. ඒවා විකුනන එක අඩු කරන්නෙත් නෑ.. බාවිතය පිලිවෙලක් කරන්නෙත් නෑ
රාජපක්ෂල වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ කසළ ශෝධකයන්ට කියන්න පුළුවන්ද මේක කාගේ සංකල්පයක්ද කියලා.........
ඒ වගේම අපරාද පවුල්, ඒ අයට සහයෝගෙ දෙන පොලීසියත් ක්ලීන් කරල දාල නගරෙත් සාමකාමී කරන්න.
පැඩල් ඕපනින් බින් දාන්න ඕන. අපේ අය කම්මැලි, ඕවා ඇති විවෘත කරන්න . අනික අතින් අල්ලන්නත් කැමති නැහැ