
(කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම රණජයපුර ඉන්ධන පිරවුම්හලක හිමිකරුගේ බෝගහඅක්කරය, කලාකරඹෑව නිවසට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි ඉපලෝගම පොලීසිය පවසයි.
එම දෙමහල් නිවසේ උඩු මහලේ ආලින්දයේ ඇති දොරෙන් සහ පිටුපස දොරකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවට සැකකරන බවත් එම ප්‍රහාරයෙන් හටගත් ගින්න හේතුවෙන් උඩුමහලට දැඩි හානි සිදුව ඇතැයිද පොලීසිය කියයි.
මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී හිමිකරුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා පමණක් නිවසේ සිට ඇති බවත් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැත.
උසස් පෙළ විභාගයට සූදානම් වන දරුවන් දෙදෙනාගේ පොත්පත් ගින්නෙන් විනාශයට පත්ව ඇතැයිද පවුලේ ඥාතියෙක් පැවැසීය.
ඉන්ධනහලේ තොග අවසන්වීම පසු පෝලිම්වල සිටි පිරිස් මෙම ප්‍රහාරය එල්ල කළේද, නැතිනම් වෙනත් පිරිසක් ප්‍රහාරය එල්ල කළේද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියක් හරියට ක්‍රියාත්මක නොවෙන නිසා නරක මිනිසුන් තමන්ට හිතෙන හිතෙන දේ කරනවා.
මේවා දැක්කාම රට ගැන පුදුම ආදරයක් ඇතිවෙනවා. තව තව ගිනි තියන්න. අන්තිමට ගෙදර අම්මටයි, තාත්තටයි ගිනි තියලා හිතේ ආවේගය තුනී කරගන්න...
71 ඉඳලම ජෙප්පෝ රටට පුරුදු කරපු දේ... ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි...
දනේනම් ජෙප්පන්ට නටන්න දුන්නා ඇති වාගේ
මේක දැන් වසංගතයක් වෙන්න කලින් බෙහෙත් කළොත් තමයි හොඳ...
හනුමන්තාගේ වඳුරු හමුදාව දන්නේ ඔච්චරයි..