
(විමුක්ති එස් රුද්‍රිගු)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබඳ කෙරෙන විමර්ශන කඩිනම් කර වරදකරුවන් නොවන පුද්ගලයන් ඉක්මනින් නිදහස් කළ යුතු බව ද ඔහු කීය.
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පැහැදිලි ස්ථාවරය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව යැයි මහ කොමසාරිස්වරයා පැවැසුවේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා ගෙන ඇති පියවරයන් මොනවා දැයි රජය එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර තිබෙන බව ටර්ක් මහතා සඳහන් කළේය.
මානව හිමිකම් කඩකළ පුද්ගලයන්ට වගවීම ලබාදීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් එය කළ හැක්කේ පවතින ආයතන ශක්තිමත් කිරීම මගින් බවත් වෝකර් ටර්ක් මහතා පැවැසුවේය.
වඩාත් වැදගත්ම දෙය වන්නේ මානව හිමිකම් කඩවූ බව සියලුම සාක්ෂි ඉදිරිපත් කරමින් තහවුරු කළ විට වින්දිතයාට යුක්තිය ලැබෙන බව තහවුරු කිරීම බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ සඳහා හැමවිටම ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය වන බව ඔහු පැවැසුවේය. දේශීය යාන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අවශ්‍ය වන බවත් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය. තවමත් මානව හිමිකම් ආරක්ෂා කරන්නන් නිරීක්‍ෂණයට ලක්වන බව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවද ඔහු පැවසුවේය.
එසේම සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වේ යැයි තමන් බලාපොරොත්තු වන බවද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංශෝධනය විය යුතු බවද ඔහු පැවැසුවේය.
පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් 25 ක් පාර්ලිමේන්තුවට තේරීපත්වී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 9.8 ක් වර්ධනයක් බවත් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය. නමුත් තවත් කාන්තාවන් පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතු බව ඔහු පැවැසුවේය.
ලංකාවේ තවමත් එකම රැකියාව සඳහා කාන්තාවන්ට ලැබෙන වැටුප පිරිමින්ට ලැබෙන වැටුපට වඩා සියයට 27 අඩු බවද වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.
වගවීම පිළිබඳ ශ්‍රී ලංකාව ඉදිරියේදී තිබෙන අවස්ථා සහ අභියෝග මොනවාදැයි රජය සමග පැවැති සාකච්ඡාවලදී තමන්ට තේරුම් ගැනීමට හැකියාව ලැබුණු බවත් තමන්ගේ මෙරට සංචාරයට පහසුකම් සැලසීම පිළිබඳව රජයට දැඩිව ස්තුතිවන්ත වන බවත් මහ කොමසාරිස්වරයා පැවැසුවේය.
සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ වින්දිතයන් හමුවී සාකච්ඡා කළ බවත් ඔහු පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගෙ අරමුණු ඉතා පැහැදිලියි. රෙදි උස්සගෙන දුවගෙන එන්නෙ දුර්වල පාලකයන් හරහා ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට. ලෝකෙ සිද්ධවන මානවහිමිකම් කඩවීම් බැලුවම මේවා විහළු . හරියට පරිපාලනය නොකර නැමෙන්න ගියොත් ඇරලම යයි.
woker මහත්තයෝ ... එතකොට වගවීම් ගැන හොයලා බලන්නේ නැද්ද? අපි වගේ නැගිටින්න හදන රටවල් වලට පාට් දාන්නේ ? ඊශ්‍රායලය -ඉරාන යුද්ධයේදි වගවීම් ගැන ඇස් පෙනෙන්නෙ නැද්ද?
මේ අවජාතකයා ඊශ්‍රායලය දෙස ඇස් පියාගෙන අපට දේශනා කරනවා.
මේ හාදයා අදහස් දක්වල තියෙන ආකාරයට පැහැදිලි වෙන කාරණය තමයි, කවුරුහරි මනුස්සයට මේ ටික ලියල දීල තියෙනව, මේ කියන කාරණා ටික ඉටු කරගන්න මේ ආණ්ඩුව හොඳම ආණ්ඩුව කියල හිතනව වෙන්න පුලුවන්
මේ ආණ්ඩුව බලයට ඒමට පෙර කියු දේවල් මානව හිමිකම් කොමසාරිස් සනාථ කරලා.. ආණ්ඩුවට වැඩේ ලේසියි..
පන්සිල් සුරකින ශිෂ්ට සම්පන්න සමාජයක හොඳ සංස්කෘතික උරුමය රකින්න අවශ්‍ය මූලික දහම් කරුණු මේ මිත්‍යා දෘෂ්ටිකයින්ට කියා දෙමු.
ආන්ඩුව කියන්නේ මේ ගොල්ලන්ගේ ලොකු අයගෙන් පක්ෂ අරමුදලට සල්ලිගන්න සේවකයෝ. ලැජ්ජා නැතිකම කියන්නේ ත්‍රස්ත විරෝධී පනත යටතේ මේ ආන්ඩුවෙන්ම කී දෙනෙක් අත්අඩංගුවෙ ගත්තාද? අරවලං හෝදන සාක්ෂි කුක් කරන එවුන් රස්සාවට ගත්තේ මොකටද කියලා පේනවානේ...
රටවැසියෙක් හැටියට ලංකා ආණ්ඩුවේ ඉන්න කාඩ්බෝඩ් වීරයෝ ගැන මට ලැජ්ජයි. කොනදක් තියෙන පිරිමියෙක් හිටියේ නෑ. ප්‍රේමදාස හෝ මහින්ද මහත්තයා වගේ පලස්තීනයේ සිදුවන ළමා ඝාතන ගැන කොමසාරිස් එක්ක කතා කරන්න සහ එහි අකටයුතුකම් පෙන්වා දෙන්න.
මුන් අරින්නම එන්නෙ ලන්කාවට තමා. අපේ කොන්ද පන නැති පාලනය නිසා තවත් අරිනවා. මුන්ට අනිත් රටවල්වල වෙන දේවල් පෙනෙන්නේ නද්ද? මහින්ද ජනාධිපති තමා මුන්ට හරියටම පිළිතුරු දුන්නේ..