(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පවුල් 344ක් විපතට පත්ව ඇති බව රජය පවසයි.
මෙයින් පවුල් 156ක එක් අයෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර තවත් පවුල් 188ක එක් අයෙකු හෝ ඊට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වූ වාර්තාවක දැක්වේ.
මෙම පවුල්වල සාමාජිකයින් සමාජ, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික හා අධ්‍යාත්මික වශයෙන් සවිබලගැන්වීමේ වැඩපිළිවෙළක් කතෝලික සභාවේ සමාජ සේවා ආයතනයක් වන ‘සෙත් සරණ’ ආයතනයේ සම්බන්ධීකරණය ද සහිතව නාගරික ජනාවාස අධිකාරියේ ද සහයෙන් ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව ‘ස්ව ශක්ති’ නම් විශේෂ මානව සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ මේවද කතා කරන්නේ? ඔක්කොම එකතු වෙලා බදුර්දීන්ව බේරගන්න විදියක් ගැන සාකච්ඡා කරන්න. එ්ක කාලෝචිතයි.