(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
පාස්කු ඉරුදින සිදු වූ ත්රස්ත ප්රහාරයට අත්අඩංගුවට ගත යුතු තෝරු මෝරුන් තවමත් නිදැල්ලේ සිටින බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්ය ඇමැති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවැසීය.
රාමනායක මහතා මේ බව පැවැසුවේ හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
“මේ සිද්ධියේ තෝරුන් මෝරුන් ටික තවමත් ඉන්නේ නිදැල්ලේ. අල්ලගෙන ඉන්නේ හාල්මැස්සො ටිකක් විතරයි. එය වැරදියි. මේ රටේ සිදුවුණු අනෙකුත් අපරාධවලටත් අල්ලගෙන ඉන්නෙ පොඩි පොඩි අය විතරයි. පාස්කු ප්රහාරය ගැන මෙතැන බොහෝදෙනෙකු කල්තියා දැනසිටියා. ඔවුන්ගේ කතාවලින් ඒ බව පෙනුණා. අප මෙතැන කතාකරලා වැඩක් නැහැ. මෙතැන කතා කළාට මැරුණු අයට පණ එන්නෙ නැහැ. සාධාරණය ඉටුවන තුරු ජනතාව කෝපයෙන් බලා සිටිනවා. ජනතාවගේ කෝපය සර්ව සාධාරණයි” යනුවෙන් ද රාමනායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ බයිලා දැන් ජනතාව හොඳටම දන්නවා... මමත් මුලදී හිතුවා "පොර " මේ ඇත්තටම තමයි කෑගහන්නේ කියලා... නමුත් හැරිලා බලන්න මේ හාදය කෑ ගහපුවා ඔක්කොම බොරුවට හාදයත් අර 225න් එකෙක් විතරමයි.
අනේ අදමයි අපි දන්නේ... මේ ගොයියා ඒක අපිට කියපු එකත් කොච්චර දෙයක්ද අනේ හැබෑට.... මේ නළු උන්නැහේ... ඕක ඔයගම්න්ම ගිහින් කියන්න මෛත්රී උන්නැහේටයි, රනිල් උන්නැහේටයි.. මොකද ඒ ගොයියෝ දෙන්න අනේ අපි දැක්කේ පත්තරෙන් කියනකොට පරක්කු වැඩියි හරියෑ..
තෝරු, මෝරු, පොකිරිස්සෝ කිය කියා ඉන්නේ නැතිව කෙලින් කතා කරලා ජනපතිට, අගමැතිට දැන්වත් කියලා ඔය මිනීමරුවන් අල්ලා දෙන්න ඔබත් කරන්නේ... නීති විරෝධී වැඩ... ඔය නඩේම එකයි. මයික් ටිකක් වට කරගෙන කෙරුවාව කියනවා. සුළුවෙන් හෝ බලයක් තියෙනවා නම් පුළුවන්නේ... පොලිස්පතිට කියලා තමන් දන්නා කට්ටිය අල්ලා දෙන්න. විපක්ෂයයි, ආණ්ඩුවයි සෙවල හලනවා මිසක් අල්ලපු එකෙක් නැහැ. කරුණාකර කටවහගෙන හමුදාවට, පොලිසියට වැඩ කරගන්න ඉඩදෙන්න. බලයට අාපු දවසේ ඉඳලා කට්ටිය අල්ලපු හොරු නිසා හිරගෙවල් උතුරනවා. මිනිසුන්ට මරණ බය ඇති නොකර පාඩුවේ ඉන්න..
තෝරු, මෝරු කවුද කියා කිව්වොත් හොඳයි...
ඇමතිතුමා කියන ආකාරයට පාස්කු දිනයේ ප්රහාරවලට එක්වූ තෝරුමෝරු ගැන දන්නවා නම් ඒ අයගේ නම් රහසිගතව හරි පොලිසියට දන්වන්න. එසේ නොකලොත් මහජනයා හිතන්නේ ඔබතුමා බේගල් ඇදබානවා කියලනේ...
තටමන්නේ නැතුව කියපන්කෝ රන්ජෝ...
ඒ කියන්නේ අර මන්නාරමේ ඇමති ගැනද?
ඉතින් ඔබතුමාට පුළුවන්නේ එක කෝල් එකක් දීල තෝරු මෝරු හොයලා දෙන්න. අැයි ඔබතුමාගේ බුද්ධි අංශයකුත් තියනවා කිව්වේ..? ඔය කතා වැඩක් නැහැ පුලුවන්නම් ලොකුම තෝර බදුර්දීන්ට විරුද්ධව දෝෂාභියෝගයේදී ඡන්දේ දෙන්නකෝ.. එතකොට අපි දන්නවා ඔබතුමාට කෙලින් කතාකරන, කෙලින් වැඩකරන කෙනෙක්ද කියලා... අල්ලපු ත්රස්තවාදීන් බේරගන්න හමුදාපතිට කෝල් කළා කියලා හමුදාපති ප්රසිද්ධියේම කිව්වනේ..
සියල්ල දත් නොවැ.. කියපන්කෝ..... මෝඩකම කට අැරිය ගමන්ම පේනවා.
මෙච්චර ප්රශ්න තියන වෙලේ... මේක විහිලු කරන වෙලාවක් නෙමෙයි.