(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම හබරකඩ වෑකන්ද ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරළී යාමෙන් එහි ගමන් ගමන්ගත් වයස අවුරුදු එකහමාරක බිළිඳෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ හබරකඩ මුල්ලේගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව පියා දියණියන් දෙදෙනා සහ එහි සිටි වැඩිමහල් දියණියගේ අවුරුදු එකහමාරක බිළිඳෙකු පොලීසිය කියයි.

හබරකඩ දෙස සිට හෝමාගම දෙසට යමින් සිටි ත්‍රිරෝද රථය මාර්ගයේ කඩතොලු වූ වළකට වැටීමෙන් හැඬලය කැපී යාබද වෙල් යාය මැදින් ගලා යන ඇලවේල්ල ක ට වැටී අනතුර සිදුව තිබේ.