IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


තෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවයි

(උපාලි ආනන්ද)

සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා සැකකරුවන් දෙදෙනාගේ රියැදුරු බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස මෝටර් රථ කොමසාරිස්වරයාට නියෝග කළේය.

අනුව සැකකාර රියදුරන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප නියම කල අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මාර්තු මස 20 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.

සැකකාර රියදුරන්ගේ රියදුරු බලපත‍්‍ර අත් හිටුවන නියෝගය මෝටර් රථ කොමසාරිස්වරයාට වාහාම යවන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හැරියේ අරලගංවිල ජයමුතුගම නිශ්සංක සඳරුවන් සහ මැල්සිරිපුර දඹුල්ලේ ජී.රනිල් සංදීප නැමැති දෙදෙනෙකි.

 



අදහස් (2)

තෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවයි

Kamal Koyrala Monday, 24 February 2025 02:07 PM

අවුලක් නෑ තාවකාලික බලපත්‍රයකින් පැදවිය හැකියි

:       0       1

කමනිMonday, 24 February 2025 04:53 PM

ඒක නම් ඇත්ත. මේවා අවලංගු කරලා දාන්නේ නැත්තේ තවත් මිනී මරන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2465 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site