
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරියේ කියයි .
ත්‍රිකුණාමලය බලා යන දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ අද අලුයම නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා ලැබී නැත.
එම හේතුවෙන් කළ සොයා බැලීමේ දී නියාමකවරයා දුම්රිය නියාමක මැදිරියේ දක්නට සිට නැත.
පසුව දැන ගන්නට ලැබී ඇත්තේ දුම්රිය ධාවනය වෙමින් පැවතිය දී බුළුගහගොඩ ප්‍රදේශයේ දී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටි රෝහල් ගත කර ඇති බවයි .
ඉන් අනතුරුව කොළඹ කොටුවේ සිට මහනුවර බලා යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙන් වෙනත් නියාමකවරයකු ගම්පහ දුම්රිය ස්ථානය බලා යැවීමට පියවර ගෙන ඇති බවද දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .
පෙරවරු 7.30 එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයට ලඟා වීමට නියමිතව ඇති හෙයින් ඉන් අනතුරුව ත්‍රිකුණාමලය බලා යන දුම්රිය යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නියාමක සමග සේවය කරන උප නියාමක (Under guard) නිදාගෙන හිටියද??
පව් අනේ එයාට නින්ද යන්න ඇති සහ ඩෝන් ගාල වැටෙන්නට ආති
දුම්රිය සේවයට විශාල අපලයක් ලබා ඇති වගයි පේන්නේ. ලොක්කත් ලඟදී අකාලයේ නැති වුනා. හැමදාම කුමක් හෝ අකරතැබ්බක්. බලියක් ඇරලා බැලුවොත් නරකද?