(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී හයිලෙවල් මාර්ගය හරහා පාර මාරුවීමට ගිය තරුණියන් දෙදෙනකු වෑන් රථයක ගැටී එක් තරුණියක මරණයට පත් කර තවත් තරුණියක බරපතළ තුවාල කර පළා ගිය වෑන් රථ රියැදුරකු පසුපස කිලෝ මීටරයක් දුරට පන්නා පොලිස් නිලධාරියකු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඇහැලියගොඩ නැදුරන පදිංචි සූරිය ආරච්චිගේ සුජීවා සමන්ති (30) තරුණියකි.
මෙම තරුණිය ගලවිල වත්ත ප්‍රදේශයේ මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන අතර රාත්‍රී සේවා මුරයක නිරතව සිටියදී තවත් මිතුරියක සමඟ එදින රාත්‍රී ආහාර මිළදී ගැනීමට හයිලෙවල් මාර්ගය හරහා පාර මාරු වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
හෝමාගම කර්මාන්ත පුරයේ සේවකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක ගැටී තරුණියන් දෙදෙනා විසිවී විරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුරදී එක් තරුණියක මියගොස් ඇති අතර අනෙක් තරුණිය දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
නේවාසික ප්‍රතිකාර ලබන තරුණියගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුරෙන් පසුව වෑන් රථය පලා ගොස් ඇති අතර රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු ඒ බව දැක වෑන් රථය පිටුපස කිලෝමීටරයක් පමණ දුරට එළවාගෙන ගොස් අත්අඩංගුවට ගත් බව පැවසේ.
ඊට අමතරව රිය අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන බල ප්‍රදේශය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණියන් දෙදෙනා යට කළ වෑන් රිය පන්නා අල්ලයි
සිසිල් සුදේශ් Thursday, 13 July 2023 08:07 AM
"හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී හයිලෙවල් මාර්ගය හරහා පාර මාරුවීමට ගිය තරුණියන් දෙදෙනකු වෑන් රථයක ගැටී එක් තරුණියක මරණයට පත් කර තවත් තරුණියක බරපතළ තුවාල කර පළා ගිය වෑන් රථ රියැදුරකු පසුපස කිලෝ මීටරයක් දුරට පන්නා පොලිස් නිලධාරියකු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත." ඉහත වාක්‍යය කියවද්දී පෙනෙන්නේ සැකකරු විසින් පොලිස් නිළධාරියාව අත් අඩංගුවට ගත් බවයි! ලංකාදීප වැනි ජාතික පිළිගැනීමක් ඇති පුවත්පතක් මෙසේ වියරණ මැරීම සුදුසුද? සංස්කාරකවරයකු මේවා නොබලද්ද?