
(ගයාන් සූරිය ආරච්චි)
සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වූ තරුණයන් කීපදෙනෙකු විසින් එක් තරුණයකුට පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම තරුණයාට පහරදුන් බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන තිදෙනෙකි.
කෑගල්ල ප්‍රදේශයේ දී එම තරුණයාට පහරදුන් බව අනාවරණය කරගැනීමෙන් පසුව කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විමර්ශන ආරම්භ කර තිබුණි.
එම වීඩියෝ සමාජ මාධ්‍යයේ පළවීමෙන් අනතුරුව ඉතාම කෙටි කාලයක් ඇතුළත දී සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. නැත්නම් මෙවැනි අය තමයි ඉස්සරහට මැරයෝ වෙන්නේ.