
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය ගොඩබිම සිට කිලෝමීටර 60 ක් ඊසාන දෙසට වන්නට මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 3.9 භූකම්පනයක් අද (18) පස්වරුවේ සිදුවූ බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි.
ශ්‍රී ලංකාවේ පස්වරු හතරයි විනාඩි හයයි තත්පර 36 වේලාවෙන් මෙම භූකම්පනය සිදුවී ඇති අතර මෙම සුනාමි තත්ත්වයකට හෝ වෙනත් කිසිදු ආපදා තත්ත්වයකට බලපෑමක් ඇති නොකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ. සුගුණදාස් මහතා පැවසීය .
ත්‍රිකුණාමලයේ මුහුදුබඩ ප්‍රදේශවල ජනතා පවසන්නේ සුළු වූ කම්පන තත්ත්වයක් තමන්ට දැනුණු බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඉශාර ටී. කම්කානම්ගේ මහතා පැවසුවේ මෙම භූ කම්පන තත්ත්වය ධීවර කටයුතුවලට බලපෑමක් ඇතිවු බවට වාර්තා නොවන බවයි .
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිකුණාමලය අවට මුහුදේ රිච්ටර් මාපක 3.9 භූකම්පනයක්